සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කරුණාකර බදු ගෙවීමේ සමාජ වගකීමට එක්වන්න… ඔබ බදු ලෙස ගෙවන සෑම රුපියලක්ම රටේ සුබ සිද්ධියට යොදවන බව අප සහතික වෙනවා… ජනපති අය – වැය කතාව කරමින් රටෙන් ඉල්ලයි….

by editor
පෙබරවාරි 17, 2025
in පුවත්
Anura
Share on FacebookShare on Twitter

බදු ගෙවීමේ සමාජ වගකීම ඉටු කරන ලෙසත් බදු ගෙවන ජනතාවගේ එකම රුපියලක් හෝ අපතේ නොයවා එය පොදු ජනතාවගේ සහ රටේ සුබ සිද්ධිය වෙනුවෙන් වැය කිරීම පිළිබඳ සහතික වන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක අද පාර්ලිමේන්තුවේ දී සපථ කළේය. 

ඔහු අවධාරණය කළේ බදු ගෙවීම පැහැර හැරීමේ සංස්කෘතිය වෙනුවට බදු ගෙවීමේ සංස්කෘතිය දක්වා අප මාරු වන්නේ නම් මේ රට නිසැකවම ගොඩ දැමිය හැකි බවය.

අද අයවැය කතාව පවත්වමින් ජනාධිපතිවරයා මේ බව පැවසුවේය.

බදු පරිපාලනයේ මානව අන්තර්ක්‍රියා අවම කරන අතරම කාන්දු වීම අඩු කිරීම සහ විනිවිද භාවය වැඩි කිරීම සඳහා බදු පද්ධති ඩිජිටල් කරණය කිරීම කෙරෙහි උත්සාහයන් අප දියත් කරනවා. ආර්ථිකය විධිමත් කිරීම සහ ආදායම් එකතු කිරීම වැඩිදියුණු කිරීමෙහි ලාවන පුලුල් ඩිජිටල් කරණයේ කොටසක් ලෙස ශ්‍රී ලංකාව කාසි හා නෝට්ටු රහිත ආර්ථිකයක් කර‍ා ගමන් කරවනවා.

තාම අපි සාකච්ඡා කරමින් තිබෙනවා. ටිකක් රිදෙන තීන්දු ටිකක් ඒ ක්ෂේත්‍රයේ ඒවි. හැබැයි රටේ ආර්ථිකය ගොඩනගා ගැනීමත්, දූෂණය වළක්වා ගැනීමටත්, කාර්යක්ෂමතාවයටත් ඉතාමත්ම හොඳ තීන්දු. හැබැයි දූෂිතයන්ට මුදල් අයථා ලෙසද පරිහරණය කරන්නන්ට වත්කම් අයථා ලෙස එක්රැස් කරගෙන ඉන්න අයට එතනදි ටිකක් හානි වෙයි.

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

කමක් නෑනෙ… එහෙම කවුරුත් නෑනේ මෙතන… ( විපක්ෂය දෙස බලයි). නැතිනම් ප්‍රශ්නයක් නෑ. එහෙම ඉන්නවා නම් තමයි ප්‍රශ්නය තියෙන්නේ…

ඩිජිටල් ගනුදෙනු සඳහා පහසුකම් සැපයීම සහ මුදල් මත යැපීම අඩු කිරීම සඳහා විශේෂයෙන් වැට් බදු ලියාපදිංචි ව්‍යාපාරිකයන් තුළ ව්‍යාපාර පොයින්ට ඔෆ් සේල් යන්ත්‍ර ක්‍රියාත්මක කිරීමට අපි අපේක්ෂා කරනවා. කාසි සහ නෝට්ටු රහිත ආර්ථිකයක් බදු පැහැර හැරීම සහ නීති විරෝධී ක්‍රියා වැලැක්වෙනවා පමණක් නොව,  ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වයට සහ වර්ධනයට හේතුවන මූල්‍ය කාර්යක්ෂමතාවය ද වැඩි කරනවා.
රාජ්‍ය ආදායම උත්පාදනය කරන ඩිජිටල් කරනය හරහා සමස්ථ ඩිජිටල් ආර්ථිකය ආදායම් වැඩි කිරීම සඳහා සැලකිය යුතු ශක්තියක් ලබා දෙනු ඇතැයි අපේක්ෂා කරනවා.

කෙසේ වෙතත් මේ සඳහා වගකීමක් ඇත්තේ බදු එකතු කිරීමේ බලධාරීන්ට පමණක් නොවෙයි… විගණන සමාගම් සහ බදු ගණකාධිකාරීවරුන් ඇතුළු තවත් පාර්ශවයන් රජයට නිසි බදු ආදායම අහිමි කරන පාරිදි සාමාජීය වශයෙන් වගකිවයුතු ආකාරයකින් තම රාජකාරිය ඉටු කරනු ඇතැයි අපි අපේක්ෂා කරනවා.

අපි දන්නවා බදු ගණකාධිකාරීවරුන්, මේ විගණන සමාගම් බදු පෙදේශකවරුන් වැඩිපුර කරන්නේ රජයට ලැබෙන බදු ආදායම අහිමි කිරීමේ දිශාවට. අපි කියනවා ඔවුන්ට . ඔබට සමාජීය කාරණයක් තියනවා. ඔබ නිසි පරිදි ඔබගේ ගනුදෙනුකරුවාගේ ඔබගේ පාරිභෝගිකයාගේ බද්ද නිසි පරිදි රජයට ලබා දීම සඳහා කටයුතු කරන්න කියලා අපි ඉල්ලනවා.

මේ සඳහා නියාමන සහ නිතිමය රාමු ශක්තිමත්කිරීමට පියවර ගැනීමට සුදුසු පියවර ගැනීමට අපි අපේක්ෂා කරනවා.

බදු වලින් පැහැර හරින්න බෑ. හැම කෙනාම බදු ගෙවන්න. සාධාරණ බද්දක් ගෙවන්න. අපි ඒ හැම බදු ගෙවන කෙනාටම කියන්නම් ඔබගෙවන බදු මුදලේ හැම රුපියලක්ම අපි ආරක්ෂා කරලා පෙරළා අපේ රටේ ජනතාවටත් රට වෙනුවෙනුත් යොදවන්නම්.

ඒ නිසා බදු ගෙවන්න. කිසිම කෙනෙක් බදු නොගෙවා ඉන්න එපා. ඔබ සාධාරණ බද්දක් මේ රටේ සහ සමාජයේ පැවැත්ම වෙනුවෙන් ගෙවිය යුතුයි. ඒ සඳහා මම ආරාධනා කරනවා.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

මහවැලි ඉඩම් අක්කර 100ක් පුද්ගලික සමාගමකට දෙන්න අම්පාර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව ගත් තීන්දුවට ගම්වැසියන්ගේ විරෝධය!

Next Post

මිනී මරන්න ගොස් ඉලක්කය වරද්දාගත්  කඩවර ඉෂාර හංගාගෙන හිටිය SI සහ බිරිය අත් අඩංගුවට…

Related Posts

පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.