සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මිනී මරන්න ගොස් ඉලක්කය වරද්දාගත්  කඩවර ඉෂාර හංගාගෙන හිටිය SI සහ බිරිය අත් අඩංගුවට…

by editor
පෙබරවාරි 17, 2025
in පුවත්
former-cid-dig-prasad-ranasinghe-arrested-bribery-commission
Share on FacebookShare on Twitter

සූරියවැව නුවන් ජයසේකර –

අම්බලන්තොට කොක්ගල්ලේදී මනුෂ්‍ය ඝාතනයකට තැත් කළ සැකකරුවෙකුට සැඟවී සිටීමට ආධාර අනුබල දුන් බව කියන කිරින්ද පොලිස් ස්ථානයේ උප පොලිස් පරීක්ෂකවරියකු හා ඔහුගේ බිරිඳ අත්අඩංගුවට.

අම්බලන්තොට කොක්ගල්ලේදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනයට තැත් කළ පුද්ගලයෙකුට සැඟවී සිටීමට ආධාර අනුබල දීමේ චෝදනා මත කිරින්ඳ පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරිය නිරත උප පොලිස් පරීක්ෂකවරයෙකු හා ඔහුගේ බිරිඳ තංගල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අම්බලන්තොට පොලිසියට බාර දී තිබේ.

ඊයේ ( 16) මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ තිස්සමහාරාම කිරින්ද පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයේ නියුතු හක්මන, නරවැල්පිට, මාන්නහේන පදිංචි උප පොලිස් පරීක්ෂකවරයෙකු හා ඔහුගේ බිරිඳය.

සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා හා ඔහුගේ බිරිය විසින් පසුගිය 22 දින අම්බලන්තොට කොග්ගල්ලේදි ටී.ජී.රොෂාන් නැමති අයව වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කළ බව චෝදනා ලැබ සිටින අම්බලන්තට උතුරු කඩවර පදිංචි සුපුන් මදුශංක නොහොත් කඩවර ඉෂාර නැමැති අයට සැඟවී සිටීමට ආධාර අනුබල ලබා දී තිබේ.

පසුගිය 22දින සිදු වූ වෙඩිතැබීමේ සිද්ධියට අදාලව සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිස් විමර්ශන ආරම්භ කර තිබුණි. සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් සිටීම නිසා විමර්ශන සිදු කළ නිලධාරීන්ට සැකකරු අත් අඩංගුවට ගැනීමට නොහැකි වී තිබුණි.

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා වැඩිදුර විමර්ශන කටයුතු තංගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ උපදෙස් පරිදි තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට පවරා තිබුණි. ඒ අනුව සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී තිබුණේ අදාල සැකකරු හක්මන ප්‍රදේශයේ සැඟව සිටින බවය.

ඒ අනුව වැඩිදුරටත් සිදු කළ විමර්ශනවලදී අනාවරණය වූයේ මනුෂ්‍ය ඝාතනයට තැත් කළ සැකකරු කිරින්ඳ පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරනු ලබන උප පොලිස් පරීක්ෂකවරයෙකුගේ නිවසේ සැඟව සිට ඇති බවයි.

ඒ අනුව සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා හා ඔහුගේ බිරිය තංගල්ල කොට්ටාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අම්බලන්තොට පොලිස් ස්ථානයට භාරදීී තිබේ.

එහිදී අම්බලන්තර පොලිස් නිලධාරීන් විසින් සැකකරුගෙන් හා ඔහුගේ බිරියගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කර ඇති අතර එහිදී තොරතුරු රැසක් ද අනාවරණය කරගෙන තිබේ.

සැකකරු හා සැකකාරිය හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කරුණාකර බදු ගෙවීමේ සමාජ වගකීමට එක්වන්න… ඔබ බදු ලෙස ගෙවන සෑම රුපියලක්ම රටේ සුබ සිද්ධියට යොදවන බව අප සහතික වෙනවා… ජනපති අය – වැය කතාව කරමින් රටෙන් ඉල්ලයි….

Next Post

අපි මේවා කරන්න හදනකොට ඇයි දෙයියනේ විරුද්ධ වුනේ….මොනවට ද ඔයාලා මෙච්චර කල් සටන් කළේ… හර්ෂ  ආණ්ඩුවෙන් අසයි…..

Related Posts

පුවත්

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026
පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!
  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.