අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්ව විද්‍යාල සහ දුරස්ථ අධ්‍යාපනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධුරයෙන් ඉවත් කොට ඇති බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංග්ස්ලි රත්නායක ප්‍රකාශ කරයි.
ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව රාජ්‍ය අමාත්‍යවරයා එම තනතුරින් ඉවත් කර ඇති බවද ඔහු ට්විටර් පනිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ජනාධිපතිතුමන්ට ඇති බලතල ප්‍රකාරව රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාව එම ධූරයෙන් ඉවත් කර තිබෙනවා.
— Kingsly Rathnayaka (@KingslyRathnyka) January 4, 2022
ඔහු පසුගියදා රජය සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්ද මාධ්‍ය ඉදිරියේ සිදු කළ අතර කරන්නට බැරි දේ කරන්නට ගොස් රටට මහත් ව්‍යවසනයකට පත්ව ඇති බවත් දැන් කළ යුත්තේ කරන්නට පුළුවන් කණ්ඩායමකට රට භාර දී ඉවත් වීම බව ප්‍රකාශ කළේය.
කියවන්න…
“දැන් කල් පැනලා… හරි තීන්දු ගන්න වෙන්නෙත් වෙනත් කණ්ඩායමකට…“ රාජ්‍ය ඇමති ආණ්ඩුවට යන්න කියයි!