වෛද්‍යවරුන්ගේ ස්ථානමාරුවලට දේශපාලන ඇගිලි ගැසීම් හේතුවෙන් ඇතිව තිබෙන ගැටලුකාරී තත්ත්වය සම්බන්ධයෙන් අද (4) දිනයේදී අගමැතිවරයා සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු සඳහන් කරයි.
මෙම ගැටලුව සම්බන්දයෙන් ජනාධිපතිවරයා ද සාකච්ඡාවක් ලබා දීමට එකඟවී ඇතැයිද හෙතෙම පැවසීය.
මෙම සාකච්ඡාවන් තුළදී වෛද්‍යවරුන්ගේ පරිපාලන කටයුතුවලට සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ කටයුතුවලට සිදුවන දේශපාලන ඇඟිලිගැසීම් වහාම නතර කරන මෙන් ඉල්ලා සිටිමට අදහස් කර ඇතැයි සංගමය සඳහන් කරයි.