සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කම්කරු ලේකම් වහාම අත්අඩංගුවට ගන්න… හොරණ අධිකරණයෙන් වරෙන්තුවක්!

by editor
ජූලි 25, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

හොරණ ප්‍රදේශයේ රබර් කර්මාන්තශාලාවක රසායනික ද්‍රව්‍ය බැහැර කිරීමේ ටැංකියකට වැටී පුද්ගලයන් පස් දෙනෙකු මීට වසර පහකට පෙර ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියකට අදාළව කම්කරු දෙපාර්තමේන්තුව හොරණ මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා තිබූ නඩුවකට අසත්‍ය සාක්ෂි ඉදිරිපත් කිරීම සඳහා කළුතර දිස්ත්‍රික් හිටපු කර්මාන්තශාලා පරීක්ෂක ඉන්ජිනේරුවරයෙකුට බලපෑම් කළ බවට චෝදනා එල්ලවී ඇති හිටපු කම්කරු කොමසාරිස් ජනරාල්වරයා වූ කම්කරු අමාත්‍යංශයේ වත්මන් ලේකම් ආර්.පී.ඒ. විමලවීර වහා ම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වමින් හොරණ මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය ඊයේ (ජූලි 24) වරෙන්තු නිකුත් කළේ ය.

එම වරෙන්තුව පොලිස්පතිවරයා මගින් දින 7ක් ඇතුළත ක්‍රියාත්මක කරන ලෙසට ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ය.

එම ආයතනයේ සේවකයන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් පස්දෙනෙකු එලෙස ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියට අදාළව එවකට එම කර්මාන්තශාලාවේ සේවයෙහි නියුතුව සිටි කළමනාකාර අධ්‍යක්ෂවරයා ඇතුළු කාර්ය මණ්ඩලයේ නිලධාරීන් පිරිසකට එරෙහිව කම්කරු දෙපාර්තමේන්තුව හොරණ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුවක් පවරා ඇති අතර එම නඩුවට අසත්‍ය සාක්ෂි ඉදිරිපත් කිරීම සඳහා කළුතර දිස්ත්‍රික් කර්මාන්තශාලා පරීක්ෂක ඉන්ජිනේරුවරයා ලෙස කටයුතු කළ රුක්මන් කුමාර හේමචන්ද්‍ට හිටපු කම්කරු කොමසාරිස් අසෝක පීරිස් මෙන් ම හිටපු කම්කරු කොමසාරිස් ජනරාල්වරයා වන මොහු ද බලපෑම් කර ඇති බවට කරුණු හෙළි වී ඇති බවට සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන කළුතර අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට දැක්වූ කරුණු සැලකිල්ලට ගනිමින් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය කළේ ය.

මෙම බලපෑම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා තම කාර්යාලයට පැමිණෙන ලෙස කම්කරු අමාත්‍යංශයේ වත්මන් ලේකම්වරයා වන විමලවීර නමැති මොහුට අවස්ථා කිහිපයකදී දැනුම් දීම් කළ නමුත් ඔහු තම කාර්යාලයට නොපැමිණි නිසා ඔහුගේ කාර්යාලයට ගොස් ප්‍රකාශ සටහන් කරගත් බව ද එම අපරාධ කොට්ඨාසය අධිකරණයට දැන්වීය.

හොරණ රබර් කර්මාන්තශාලාවේ ඇති වූ මෙම සිද්ධිය සම්බන්ධයෙන් හොරණ මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩුවට අසත්‍ය සාක්ෂි ලබා දෙන ලෙසට කම්කරු අමාත්‍යංශයේ හිටපු කොමසාරිස් ජනරාල්වරයා කළුතර දිස්ත්‍රික් කර්මාන්තශාලා පරීක්ෂක ඉන්ජිනේරුවරයා ලෙස කටයුතු කළ රුක්මන් කුමාර හේමචන්ද්‍රට විවිධ අවස්ථාවලදී බලපෑම් කර ඇති බව ත් එම ඉන්ජිනේරුවරයාගේ පෞද්ගලික ලිපි ගොනුව පවා එම කොමසාරිස් ජනරාල්වරයා භාරයේ තබාගෙන ඇති බවට කරුණු හෙළිවූ බවත් එම අපරාධ කොට්ඨාසය අධිකරණය හමුවේ පැවසීය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

කිසියම් සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා පොලිසියට පැමිණෙන ලෙස දැනුම් දුන් අවස්ථාවන්හිදී රටේ ජනාධිපතිවරුන්, අගමැතිවරුන් ඇතුළු මෙරට ප්‍රධාන පුරවැසියන් එලෙස පොලිසියට පැමිණ ප්‍රකාශ ලබා දුන් අවස්ථාවන් ඕනෑ තරම් තිබෙන බව ත් කළුතර අපරාධ විමර්ශන කොට්ඨාසය පවසන ආකාරයට මෙම ලේකම්වරයා එවැනි ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා පොලිසිය වෙත නොපැමිණ ඇත්තේ ඔහු එතරම් ම කාර්යබහුල පුද්ගලයෙක් යන නිසා දැයි තමන්ට ප්‍රශ්නයක් පැනනගින බව ද මහේස්ත්‍රාත්වරයා මෙහිදී අධිකරණය හමුවේ ප්‍රශ්න කළේ ය.

මෙම සිද්ධියේ සාක්ෂිකාර රුක්මන් කුමාර හේමචන්ද්‍රට සිදුව ඇති අසාධාරණය සම්බන්ධයෙන් ඔහු මානව හිමිකම් කොමිසමට පැමිණිලි කිරීම නිසා ඔහුව එලෙස පීඩනයට ලක් කර ඇති බවට කළුතර අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට දක්වන කරුණුවලින් තමාට පෙනී යන බව ද මෙහිදී මහේස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නේ ය.

කළුතර අපරාධ විමර්ශන කොට්ඨාසය පෙන්වා දෙන කරුණු අනුව මෙම ලේකම්වරයා අධිකරණය හමුවේ පවතින නඩුවේ සැකකරුවෙකු ලෙස නම් කිරීමට ප්‍රමාණවත් සාක්ෂි ඇති බැවින් ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කරන බව ද මෙහිදී මහෙස්ත්‍රාත්වරයා වැඩිදුරටත් පැවසීය.

හොරණ රබර් කර්මාන්තශාලාවේ අනතුර සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පවතින නඩුව සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශ ලබා දෙන ලෙසට එවකට කළුතර කර්මාන්තශාලා පරීක්ෂක ඉන්ජිනේරුවරයා ලෙස කටයුතු කළ රුක්මන් කුමාර හේමචන්ද්‍රට බලපෑම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු කම්කරු කොමසාරිස් අශෝක පීරිස් ඇප මත මුදා හරින ලෙස ද මහෙස්ත්‍රාත්වරයා ඊයේ නියෝග කළේ ය.

එම කර්මාන්තශාලාවේ රසායනික අපද්‍රව්‍ය බැහැර කිරීමේ ටැංකියට වැටී පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිය 2018 අප්‍රේල් මස 19 දින සිදුව ඇති බව ද හෙළිවිය. අගතියට පත් පාර්ශවය වෙනුවෙන් ෂෙහාන් ද සිල්වා, මලිත් කලංසූරිය යන නීතිඥවරු ද පෙනී සිටියහ.

මව්බිම –

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජනපති ඉන්දීය අගමැතිට පොරොන්දු වූ ලෙස 13 ක්‍රියාත්මක කිරීමට යෑමෙන් ආණ්ඩුවත්  බිඳෙන ලකුණු!

Next Post

ප්‍රකට ආර්ථික විද්‍යාඥ අමල් සඳරත්න මිය ගිය හැටි ඇසින් දුටු බිරිය කියන කතාව!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.