මහ බැංකු අධිපති ධුරය බාර ගැනීම සඳහා ඉල්ලා අස්වූ අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවරී තිබූ මුදල් ප්‍රාග්ධන වෙළෙඳපොල සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ පිළිබඳ රාජ්‍ය ඇමති ධුරය අහෝසි කිරීමට රජය කටයුතු කර ඇත. මේ පිළිබඳව ජනාධිපතිවරයා විසින් ඊයේ (06) අති විශේෂ ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත් කර ඇති අතර ඒ අනුව මෙම රාජ්‍ය අමාත්‍ය ධුරය තවදුරටත් ක්‍රියාත්මක නොවන අතර ඊට අදාල කාර්යයන් සහ ආයතනික රාමුව මුදල් අමාත්‍යංශය යටතට පත් කොට ඇත.
මෙම ආයතනය සඳහා නිශ්චිත වගකීම් ගණනාවක් ඇතුළත් කර තිබුණ ද පසුගිය කැබිනට් අමාත්‍ය සංශෝධනයේදී නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා වෙත පවරන ලද නව කැබිනට් අමාත්‍යංශය වූ සංවර්ධන අධීක්ෂණ අමාත්‍ය ධුරය යටතේ මෙම කාර්යයන් ගැසට් කෙරුණු අතර අජිත් නිවාඩ් කබ්රාල් මහතාට ශේෂ වී තිබුණේ ජාතික නිවාස මූල්‍ය සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුව (HDFC) සහ රාජ්‍ය උගස් හා ආයෝජන බැංකුව පමණි. මේ සම්බන්ධයෙන් කලකිරීමට පත් වු කබ්රාල් මහතා ජනාධිපතිවරයාට ලිපියක් යවමින් සඳහන් කර තිබුනේ නාමල් රාජපක්ෂ මහතා වෙත ලබා දුන් අමාත්‍යංශයටම තමන් සතුව පවතින ඉතිරි ආයතනත් වඑරා අදාළ කාර්යය තවදුරටත් කාර්යක්ෂම කරන ලෙසිනි.
කෙසේ වුවදද එම ලිපියෙන් ටික දිනකට පසුව අජිත් නිවාඩ් කබ්රාල් මහතා රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරයෙන් ද ඉල්ලා අස්වන්නේ මහ බැංකු අධිපති ධුරය ලබා ගැනීම සඳහාය.







