මනම්පිටිය – නිමල් ජයරත්න –
පොලොන්නරුව වැලිකන්ද කන්දකාඩු පුනරුත්ථාපන කඳවුර තුළ අද රාත්රී 08 පමණ ගෙල වැල ලාගෙන රැඳවියෙකු මියගොස් ඇති බව වැලිකන්ද පොලිසිය කියයි.
අවුරුදු 27 වයසැති ඔහු කොලඹ පාදුක්ක ජයන්ති මාවතේ පදිංචි කේ නිපුන් තාරක නැමැත්තෙක් බවට පොලිසිය හඳුනාගෙන තිබේ.
ඔහු අගෝස්තු 28 දින කන්දකාඩු කඳවුරට පැමිණ ඇතුළත් කර ඇත. අද සවස පහට පමණ මට්ට කවරයක් භාවිතා කර නේවාසිකාගාරයක බාල්කයක එල්ලී ගෙල වැල ලා ගැනීමට උත්සාහ කිරීමේ දී රැහැන ගැලවී ඔහු බිම ඇදවැටී සිටිය දී රෝහල්ගත කර ඇත. රෝහල්ගත කිරීමෙන් අනතුරුව ඔහු මියගොස් තිබේ.
විවාහකයෙකු වන ඔහු බිරිදට ලියු ලිපි කීපයක්ද වැලිකන්ද පොලිස් විසින් සොයා ගෙන තිබේ. බව වැලිකන්ද පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක සමන්ත රත්නායක ප්රමුඛ පොලිස් කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි.







