බෞද්ධ විහාර ආරාම ඇතුළු සෙසු ආගමික ස්ථාන සඳහා දැනට නියම කර ඇති විදුලිය සඳහා අය කර ගැනීමේ ගාස්තු ක්‍රමවේදය වෙනුවට නව සහනදායී ගාස්තු ක්‍රමවේදයක් සකස් කරන ලෙස තුන් නිකායික මහා නාහිමිවරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත අවධාරණය කරති.
ජනාධිපතිවරයා වෙත ලිපියක් යවමින් මල්වතු මහා විහාරයීය මහා නායක තිබ්බටුවාවේ ශ්‍රි සිද්ධාර්ථ සුමංගල නාහිමියන් සහ අස්ගිරි පාර්ශ්වයේ මහා නායක පූජ්‍ය වරකාගොඩ ඤාණරතන මහ නාමියන් අමරපුර මහා නිකායේ මහා නායක පූජ්‍ය දොඩම්පහළ චන්ද්‍රසි මහා නා හිමියන්, රාමඤ්ඤ මහා නිකායේ මහානායක පූජ්‍ය මකුලෑවේ විමල නාහිමියන් ඒකාබද්ධව ජනාධිපතිවරයා වෙත ලිපියක් යවමින් පවසන්නේ ආගමික ස්ථාන වෙත පැවැති සහනශීලී විදුලිය ගාස්තු ක්‍රමවේදය අගෝස්තු මාසයේ සිට වෙනස් කොට ඉහළ ගාස්තු ක්‍රමයක් ඇති කිරීමට විදුලි බල සහ බලශක්ති අමාත්‍යංශය ක්‍රියා කිරීම කණගාටුවට කරුණක් බවය.
ජනතා පරිත්‍යාගයෙන් නඩත්තු වන මෙම සිද්ධස්ථානවලින් සැලසෙන සමාජයීය සහ ආගමික සේවය පිළිබඳ ව නොසලකා ගත් මෙම තීරණය හේතුවෙන් චිරාගත ව පැවතෙන පුද පූජා සිරිත්වලින් ජනතාව ඈත් කරවිය හැකි බවත් එහි අනිටු ප්‍රතිඵල අනාගතයේ කණගාටුදායක ලෙසින් අත් විඳින්නට සිදුවනු ඇති බවත් පෙන්වා දෙන මහ නාහිමිවරු රාජ්‍ය නිලධාරීන් සහ අමාත්‍යවරුන් මෙවැනි ප්‍රතිපත්ති තීන්දු ගැනීමට පෙර ගැඹුරින් අවධානය යොමු කළ යුතු බවද පෙන්වා දෙති.
එහිදී තවදුරටත් මෙම ලිපියෙන් උන්වහන්සේලා අවධාරණය කර ඇත්තේ මහජන මුදල් අවභාවිතය සහ දූෂණය පිටු දැක ආර්ථික අර්බුදවලට සහන සලසන අතරේම සූර්ය බලශක්තිය වැනි පුනර්ජනනීය විදුලිය විසඳුම් කෙරෙහි වැඩි නැඹුරුවක් දක්වා පවතින බලශක්ති අර්බුදය සමනය කිරීමට බලධාරීන් කටයුතු කළ යුතු බවකි.
මහ නාහිමිවරුන් විසින් යවන ලද සම්පූර්ණ ලිපිය මෙසේය.







