සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රැජනගේ මළ ගෙදර ගිය නිල දූත පිරිස 04යි… මෛත්‍රී ගියෙත් පුද්ගලික වියදමින්… ජනපති මාධ්‍ය අංශය කියයි…

by editor
සැප්තැම්බර් 20, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

බ්‍රිතාන්‍ය මහ රැජනගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වූ දූත පිරිසට අයත් වූයේ ජනාධිපතිවරයාත්,  ජනාධිපති පෞද්ගලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරා සහ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ජනාධිපති අධ්‍යක්ෂ දිනුක් කොළඹගේත් ජනාධිපතිවරයාගේ නිල වෛද්‍යවරයාත් පමණක් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ එම ගමනට සහභාගී වූයේ පුද්ගලික වියදමින් බව ද එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන එක්වන්නේ එංගලන්තයේ ඔහු යෙදුන පුද්ගලික චාරිකාවක් අතරදී බවද එම නිවේදනයේ දැක්වේ.

ඒ පිළිබඳ ජනාධිපති මාධය අංශය නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.

ජනපතිගේ එක්සත් රාජධානී සංචාරයට අදාළව පළවන සාවද්‍ය තොරතුරු පිළිබඳ කරුණු පැහැදිලි කිරීමයි.

බ්‍රිතාන්‍යයේ වෙස්ට්මිනිස්ටර් ඇබේ හි පැවති දෙවැනි එළිසබෙත් මහ රැජිණගේ අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ දූත පිරිස සම්බන්ධයෙන් ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා සමාජ මාධ්‍ය විවිධ සාවද්‍ය තොරතුරු හුවා දක්වමින් මහජනතාව නොමග යැවීමට කටයුතු කරන බව නිරීක්ෂණය වෙයි.

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

මෙම අවස්ථාව සඳහා ලැබුණු නිල ආරාධනය අනුව ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග නිල දූත පිරිසට එක් වූයේ ජනාධිපති පෞද්ගලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරා සහ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ජනාධිපති අධ්‍යක්ෂ දිනුක් කොළඹගේ යන මහත්ම මහත්මීහු පමණි. ඊට අමතරව ජනාධිපතිතුමාගේ නිල වෛද්‍යවරයා මීට සහභාගී විය.

ජනාධිපතිතුමාගේ භාර්යාව මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය මේ සඳහා එක් වූයේ එතුමියගේ පෞද්ගලික වියදමින් වන අතර, දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක සහ එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා ද ඊයේ (19) පැවති ශ්‍රී ලංකා ඩයස්පෝරා හමුවට එක් වූයේ එක්සත් රාජධානියේ පෞද්ගලික සංචාරයකට එක්ව සිටින අතරතුරය.

මෙම අවස්ථාවට වෙනත් විදෙස් රටවල් නියෝජනය කරමින් පෝලන්ත ජනාධිපති ඇ‍න්ඩ්‍රේස් ඩූඩා සහ ඔහුගේ බිරිඳ ඇගතා කෝන්හවුසර්-ඩූඩා, දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමෆෝසා, ඝානා ජනාධිපති නනා අකුෆෝ-ඇඩ්ඩෝ, බංග්ලාදේශ අගමැතිනි ෂීක් හසීනා , ඉන්දියාවේ ජනාධිපති ද්‍රෞපදී,  චීන උප ජනාධිපති වං කිෂාන්, එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩ්න් සහ ඔහුගේ බිරිඳ ජිල් බයිඩ්න්, එක්සත් රාජධානියේ වත්මන් අගමැති ලීස් ට්‍රස්,  මෙන්ම  කැනඩාවේ ජස්ටින් ටෘඩෝ, ඕස්ට්‍රේලියාවේ ඇන්තනි ඇල්බනීස්, සහ නවසීලන්තයේ ජකින්ඩා ආඩර්න්,  ප්‍රංශ ජනාධිපති එම්මැනුවෙල් මැක්‍රොන් සිය බිරිඳ බ්‍රිජිට් ඇතුළු රාජ්‍ය නායකයෝ රැසක් සහභාගිවී සිටියහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මත්ද්‍රව්‍ය එන්නත් තිප්පලක් පවත්වාගෙන ගිය අම්මයි දුවයි කොටු… දෛනික ආදායම ලක්ෂ 03ක් .

Next Post

කන්දකාඩු පුනරුත්ථාපන කඳවුර තුළ රැඳවියෙක් ගෙල වැල ලාගෙන මිය යයි…

Related Posts

පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.