සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කන්කාඩුවේ කළහකාරීන් 256ක් හමුදාවට භාර වෙති… බස් 05කින් පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට….

පිරිසක් තවම අතුරුදහන්... ඔවුන් සොයා විශේෂ විමර්ශන අරඹයි...

by editor
නොවැම්බර් 7, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –  

ඊයේ (06) රාත්‍රියේ  වැලිකන්ද කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ ඇතිවූ ගැටුම්කාරී තත්ත්වය මේ වනවිටත් උණුසුම් අතර මීට ස්වල්ප වෙලාවකට පෙර කඳවුරේ කලහ කරමින් රැඳී සිටි රැඳවියන් 256ක් හමුදාවට භාර වී ඇත.

මෙම පිරිස බස් රථ 05කින් රැගෙනවිත් පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව වැලිකන්ද පොලිසිය ලංකාසරට පැවසීය.

මේ වනවිට පැන ගිය රැඳවියන් 35ක් යළි භාර වී ඇති අතර දිවයිනේ විවිධ පොලිස් ස්ථානවලින් පුද්ගලයින් 12 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත. තවත් පිරිසක් තවමත් අතුරුදහන්ය.

ඊයේ සිද්ධිය සිදුවන විට මෙම රැඳවුම් කඳවුරේ රැඳවියන් 456ක් පමණ රඳවා තබාගෙන පුනරුත්ථාපන කාර්යය වෙත යොමු කරවා තිබිණි.

සිද්ධියට මුල

ගාල්ල සහ කොළඹ යන ප්‍රදේශවලින් මෑතකදී පුනරුත්ථාපන මධ්‍යස්ථානයට රැගෙන ආ දෙපිරිසක් දියනෑමට ගිය අවස්ථාවේදී බාල්දියක් පිළිබඳ ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යාම මෙම ගැටුමට හේතු වූ බවත් පසුව එය වර්ධනය වූ බවත්     පොලිසිය හා හමුදාව පවසයි.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

පුනරුත්ථාපනලාභීන් දෙන්නෙක් අතර ඇතිවී තිබෙන මෙම  ගැටුම දුර දිග යන අවස්ථාවේ දී එය    සමථයකට පත් කරන්නට ගිය  හමුදාවේ පිරිසකට ගැටුමට එක් වී සිටි එක් පාර්ශවයක් පහර දි හමුදා නිල ඇඳුම්වලට ද හානි සිදුකර ඇත.

ගැටුම දුර දිග යෑමෙන් පුනරුත්ථාපනය ලබන රැඳවියන් එම කඳවුරේ වාහන හතරක්, ඇතුළු රජයේ දේපළවලට දැඩි හානි සිදුකර ඇති බව පුනරුත්ථාපන කොමසාරිස් ජෙනරාල් මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි   සඳහන් කරයි.

මෙම ගැටුමත් සමග කන්දකාඩු  පුනරුත්ථාපන මධ්‍යස්ථානයයේ සිටි රැඳවියන් සිව්දෙනකු සහ යුධ හමුදා සෙබළකු තුවාල ලබා පොලොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇති බවද මේජර් ජනරාල්  හෙට්ටිආරච්චි   කීවේය.

කලහකාරීන් අවි ගබඩාවත් කඩලා

කලහකාරී ලෙස හැසිරුණු පුනරුත්ථාපන රැඳවියන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ අවි ගබඩාව කඩා ඇති අතර කඳවුරේ හමුදාව සතුව තිබූ මුදල් මෙන්ම බඩු භාණ්ඩ රැසක් ඔවුන් විසින් රැගෙන ඇති බවද පුනරුත්ථාපන කඳවුරේ යුධ හමුදා නිළධාරියෙකු අප සමග කීවේය.

රැඳවියන් පහරදීම හේතුවෙන් පුනරුත්ථාපන දෙපාර්තමේන්තුව අයත් බස් රථයක්, සහ තවත් සෙසු වාහන හතරකට, දැඩි ලෙසහානි සිදුව ඇති බවත් ,රැඳවියන් සහ යුද හමුදාව භාවිතා කළ රූපවාහිනී, ශීතකරණ, ඇඳන් මෙන්ම බඩු  භාණ්ඩ රැසකටද ඔවුන් විසින්  අලාභහානි සිදු කර ඇති බවත්, එම භාණ්ඩවල වටිනාකම මෙතෙක් තක්සේරු කර නොමැති බවද මේජර් ජනරාල් දර්ශන හෙට්ටිආරච්චි   අප කළ විමසීමකදී පැවසීය.

පුනරුත්ථාපන කඳවුරේ රැඳෙවියන් දෙපිරිසක් අතර සිදු වූ ගැටුමෙන් අනතුරුව එහි එක් කණ්ඩායමක් සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයට ඇතුළත් කර ඇති අතර තවත් 256 දෙනෙකුට ආසන්න කණ්ඩායම‍යක්  මධ්‍යස්ථානයේ ගොඩනැගිලි තුළ රැඳීසිටින බවද මේජර් ජනරාල්වරයා පැවසීය.

මීට ස්වල්ප වෙලාවකට පෙර හමුදාවට භාර වූයේ මෙම පුද්ගලයින් 256 දෙනාය.

කන්දකාඩු සහ සේනපුර කඳවුරු

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිව අධිකරණ නියෝග මත වසරක පුනරුත්ථාපන කාලසීමාවක් සඳහා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය ට  මෙම රැඳවියෝ යොමු කරති.

මෙම පිරිස එහි මාස හයක කාලයක් උපදේශන වැඩසටහන්වලට   යොමු කරන අතර අනෙක් මාස හය සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයට යවා විවිධ වෘත්තීය කටයුතු පුහුණු කරවති.

විශේෂ හමුදා බලඇණි

පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ඇති වූ කලහකාරී තත්ත්වය පාලනය කිරීම සඳහා යුද හමුදාව, විශේෂ කාර්ය බලකාය, ශ්‍රී ලංකා පොලිසිය, එම ස්ථානයට කැඳවා තිබුණද ඔවුන්ට කඳවුරු තුළට යෑමට ඉඩ දී තිබුණේ නැත. ඒ නිසා තත්ත්වය පාලනය කිරීමට අසීරු වී තිබිණි.

මෙම අවස්ථාව වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන්ටද එහි සිටි හමුදා නිලධාරියකුගෙන් බාධා එල්ල වූ අතර මෙම තත්ත්වයත් සමග යුධ හමුදා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ  සිද්ධිය වාර්තා කිරීමට ඇණහිටියේය.

අද ( 03) සවස තුනවන විටත් තත්වය පාලනය කිරීමට නොහැකි වීම නිසා පොලොන්නරුව ජේෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දිකද සිල්වා ගේ උපදෙස් මත මනම්පිටිය, වැලිකන්ද, පුලස්තිපුර, අරලගංවිල, හිඟුරක්ගොඩ, ලංකාපුර, ඇතුළු පොලිස් ස්ථාන  කිහිපයක පොලිස් නිලධාරීන් එම ස්ථානයට කැඳවා තිබිණි.

යුදහමුදාව මෙන්ම විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විශාල පිරිසක් මෙම තත්ත්වය පාලනය කිරීමට පැමිණ සිටින ආකාරයක් දැක ගත හැකි විය.

මේජර් ජනරාල් දර්ශන හෙට්ට්ආරච්චි…

මෙම සිද්ධිය පිළිබඳව සොයා බැලීම්ට පැමිණි පුනරුත්ථාපන කොමසාරිස් ජෙනරාල් මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි   මාධ්‍යයට අදහස් දක්වමින් මෙලෙස කීවේය.

“ඒ සිද්ධියෙන් පස් දෙනෙක් තුවාල ලබලා තිබෙනවා. ඔවුන් පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කළා. ඊට අමතරව කාර්ය මණ්ඩලයේ එක් අයෙක් තුවාල ලැබුවා. එයත් පොළොන්නරුව රෝහලේ ප්‍රතිකාර ලබනවා. “

“මේ ගැටුමෙන් පුනරුත්ථාපන කඳවුරේ දේපොළවලට හානි වී තිබෙනවා.   ගැටුමත් එක්ක පලා ගිය දොළොස් දෙනෙක් දැනට අපි බාරයට ඇරගෙන තියෙනවා. තවත් පිරිසක් ඒ අයට ගහයි කියලා කඳවුරු තුළම හැංගිලා ඉඳලා තිබෙනවා.“

“ගැටුමට සම්බන්ධ කණ්ඩායමක් සේනපුර  පුනරුත්ථාපන කඳවුරට යවලා තිබෙනවා.  අනිත් අය කලහකාරී ලෙස පුනරුත්ථාපනය මධ්‍යස්ථානයේ රැඳී  සිටිනවා….“

කෙසේ වෙතත් මේ වනවිට එම කළහකාරීන් හමුදාවට භාර වී තිබේ. පලාගිය රැඳවියන් සොයා විශේෂ මෙහෙයුම් ආරම්භ වී ඇත.

සිද්ධිය සම්බන්ධ පූර්ණ වාර්තාවක් ලබා දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ වනවිට අධිකරණ අමාත්‍යවරයාට නියම කර තිබේ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මහනුවර මහ අවදානමක… තැන තැන ගිලා බැසීම් නායෙ යෑම් වාර්තා වෙයි!

Next Post

වන්නිලා ඇත්තන්  ජාතික ලයිස්තු මන්ත්‍රීකම ඉල්ලන්නෙ වසන්ත මුදලිගේ පාර්ලිමේන්තු යවන්න ද?.

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.