මනම්පිටිය නිමල් ජයරත්න –
අද උදේ කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරෙන් පැන ගොස් සොමාවතී පුදබිමේ බස් රථයක් කොල්ලකෑමට උත්සාහකර වැරදුන තැන පුද්ගලයෙකුට පිහියෙන් ඇන රුපියල් පනස් දහසක මුදල් සහ ජංගම දුරකථන දෙකක් ද කොල්ලකාගෙන යළිත් කඳවුරට පැමිණි සිද්ධියෙන් අනතුරුව යළිත් අද සවස හයට පමණ රැඳවියන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් රැඳවියන් දහදෙනෙකු සහ හමුදා සෙබලෙකු තුවාල ලබා වැලිකන්ද රෝහල වෙත යොමු කර තිබේ.
මෙම ගැටුමට හේතු මෙතෙක් අනාවරණය වී නොමැති අතර රැඳවියන් විසින් කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ මුළුතැන්ගෙයි සහ තවත් ස්ථාන කිහිපයක දේපළවලට අලාභ හානී කර ඇති බව වැලිකන්ද පොලිසිය සඳහන් කරයි.
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ දේපළ අලාභ හානි කිරීමට යොදා යකඩ පොලු සහ මුගුරු මෙන්ම ගැටුමක් ඇතිකර ගැනීමට යොදාගත් බව කියන පොලු මුගුරු සහ කඳවුර ඇති තවත් මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් භාරයට ගෙන ඇති බවද වැලිකන්ද පොලිසිය සඳහන් කරයි.
මුලින්ම අද අලුයම පලාගිය රැඳවියන් විසිදෙනෙකුගෙන් යුත් කණ්ඩායමකින් පිරිසක් සෝමවතියේ වන්දනාවේ පැමිණි බස් රථයක් පැහැර ගැනීමට උත්සහ දැරීම සහ ව්‍යාපාරිකයෙකුට අයත් රුපියල් පනස් දාහක මුදලක් සහ ජංගම දුරකථන දෙකක් පැහැරගැනීමට සම්බන්ධ විසිදෙනකු ඇතුළු කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ දේපළ වලට හානි කිරීම සම්බන්ධව තවත් 14 දෙනෙකු ඇතුළුව තිස්හතරදෙනෙකු පොලිසිය මගින් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බව වැලිකන්ද පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන්ත රත්නායක අප කළ විමසීමකදී පැවසීය.
අත්අඩංගුවක් රැඳවියන් හෙට (05) පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත බවද වැලිකන්ද පොලිසිය පවසයි.
යුද හමුදාව ආරක්ෂක අංශ මෙන්ම පොලිසිය එක්ව කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ මේ විට තත්ත්වය සම්පූර්ණ පාලනයට කර ඇති බව වැලිකන්ද පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන්ත රත්නායක අප කළ විමසීමකදී වැඩිදුරටත් කීවේය.
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් මීට පෙර ආසන්න අවස්ථා කිහිපයකදී ගැටුම් ඇතිකරගමින් පලාගිය අතර විවිධ ගැටලු මුල්කරගනිමින් නිරන්තරයෙන්ම රාත්‍රීයේ මෙන්ම දිවා කාලයේ එකිනෙකා සමග ගැටුම් ඇතිකර ගන්නා බවද ආරක්ෂක අංශ නිලධාරියෙකු සඳහන් කළේය.