දිනසේන රතුගමගේ –
කිළිනොච්චියේදී අත් අඩංගුවට ගත් යාපනය හා කිළිනොච්චිය විශ්ව විද්‍යාලවල සිසුන් පස් දෙනා කිළිනොච්චිය පොලීසිය විසින් 4 දා රාත්‍රියේ නිදහස් කොට තිබේ.
ජාතික නිදහස් දිනය දා කලු නිදහස් දිනයක් ප්‍රකාශකොට කිළිනොච්චිය නගරයේ පෙළපාලි යමින් සිටියදී එම සිසුන් පස් දෙනා පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබුණි.
මේ සිසුන් විසින් යාපනය විශ්ව විද්‍යාලය තුළ හා කිළිනොච්චියේ තැනින් තැන කළු කොඩි ද දමා තිබුණි.
යාපනය විශ්වවිද්‍යාලයේ හා යාපනය විශ්වවිද්‍යාලයට අනුබද්ධ කිළිනොච්චිය මණ්ඩපයේ සිසුන් විශාල පිරිසක් මෙම පෙළපාළියට සහභාගී වී සිටියහ.
එහිදී පොලිසිය හා විශ්වවිද්‍යාල සිසුන් අතර උණුසුම්කාරී තත්ත්වයක් හට ගැනීමෙන් පසුව පොලීසිය විසින් විශ්වවිද්‍යාල සිසුන් පස් දෙනා අත් අඩංගුවට ගෙන තිබිණි.
පසුව දෙමළ ජාතික සන්ධානයේ එස්.ශ්‍රීධරන් චාර්ල්ස් නිර්මලනාදන් යන මන්ත්‍රීවරු දෙදෙනා හා යාපනය විශ්වවිද්‍යාලයේ පාලන අධිකාරිය උතුරේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් සම්ග සාකච්ඡා කිරීමකින් පසුව කිළිනොච්චිය පොලිසිය අත් අඩංගුවට ගත් විශ්වවිද්‍යාල සිසුන් පස් දෙනා නිදහස් කොට ඇත.