මනම්පිටිය නිමල් ජයරත්න –
පොලොන්නරුව කදුරුවෙල නගරයේ දෙමහල් වෙලඳ සංකීර්ණයක් මේ මොහොතේ ගිනි ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි. අද ( 07 ) රාත්‍රි 8.45 ට පමණ මෙම ගින්න හටගෙන ඇති අතර දෙමහල් වෙළෙඳ සංකීර්ණයක් ගින්නට හසුව තිබෙන බව පොලොන්නරුව පොලිසිය කියයි.
ගින්න මැඩ පැවත්වීමට තමන්කඩුව ප්‍රාදේශීය සභාවේ ගිනි නිවන ඒකකය ගිනි නිවන හමුදාව මෙහෙයුමක් ආරම්භ කර තිබේ.
පොලොන්නරුව පොලිසිය නගරවාසින්ගේ සහයද ගින්න නිවිමට ලැබි ඇති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය නොමැත. අතර විදුලි කාන්දුවක් බවට සැක පල කරයි
ගින්නෙන් තීන්ත හා ඉලෙක්ට්‍රික් වෙළෙද සැලක් විනාශ වී ඇති අතර ගිනි ගන්නා සුලු ටිනර් ඇතුළු තීන්ත තිබිම නිසා ගින්න මැඩලීමට අසීරු වී ඇති බවද පොලොන්නරුව පොලිසිය කියයි.
ගින්නෙන් විශාල හානියක් සිදුවෙමින් පවතින බව තක්සේරු කර තිබේ. ගින්නට හේතුව පිළිබඳව අදහසක් නැත. කදුරුවෙල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.







