සිකුරාදා, ජූලි 3, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කතෝලික සභාවෙන් ජනාධිපතිට යෝජනාවක්!

by editor
ජූනි 15, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු –

පාස්කු ප්‍රහාරය පිළිබඳ සත්‍ය සොයාගෙන ඒ සඳහා වගකිවයුතු අපරාධකරුවන් නීතියේ රැහැනට හසුකිරීමේ අවංක අවශ්‍යතාවයක් ජනාධිපතිවරයා ඇතුළු රජයට ඇතිනම් පාස්කු ප්‍රහාරයේ විමර්ශන අධ්‍යයනය කර නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා පූර්ණ බල තල සහිත නඩු පැවරීමේ නිලධාරියෙක් හෙවත් විශේෂ අභිචෝදකවරයෙක් ( Special Prosecutor) සහ කාර්යාලයක් ස්ථාපිත කරන ලෙස කතෝලික සභාව ජනාධිපති රනිල් වික්‍රමසිංහට යෝජනා කරයි.

මෙම යෝජනාව ඉදිරිපත් කරමින් කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක ගරු සිරිල් ගාමිණී පියතුමා ඊයේ (14) පැවති මාධ්‍ය හමුවක දී පෙන්වා දුන්නේ අවශ්‍ය නම් මාස තුනක් තුළ අන පනත් සම්මත කරගෙන, ප්‍රතිපාදන සොයාගෙන මෙම අභිචෝදක කාර්යාලය පිහිටුවීම ජනාධිපතිවරයාට කළ හැකි ප්‍රායෝගික කාර්යයක් බවය.

සිරිල් ගාමිණී පියතුමා එම යෝජනාව ඉදිරිපත් කරමින් මෙසේ පැවසීය.

“අපි ජනාධිපතිවරයාට යෝජනා කරනවා මේ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධව මේ කරණු විභාග කරලා ඒ අනුව නඩු පැවරිමට බලය ඇති විශේෂ නිලධාරියෙකුගේ ( Special Prosecutor) ප්‍රධානත්වයෙන් කාර්යාලයක් විවෘත කරන්න කියලා.

මේ විශේෂ නිලධාරියාට සම්පූර්ණ විමර්ශනයක් කරන්න අවශ්‍ය සියලු බලතල ලබා දීම අවශ්‍යයි. ඒ සඳහා සියලු සම්පත් ලබා දෙන්න අවශ්‍යයයි. ඔහු ස්වාධීනව ක්‍රියාත්මක විය හැකි පුද්ගලයෙක් වෙන්න ඕන. ස්වාධීනව කටයුතු කරන්න නඩු පැවරීමට බලය ඇතිව ක්‍රියාත්මක වෙන්න ඕන.

RelatedPosts

මරා දැමූ උත්තරීතර නායකයාගේ අවසන් ගමනට ඉරානය සැරසෙන හැටි…

එළැඹෙන 05 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු ඉහළට – අවම ගාස්තුව 34යි!

මහනුවර නගර සභා ට්‍රැක්ටරයක් අඩි 30ක බෑවුමකට පෙරළෙයි: රියදුරු මියගොස් දෙදෙනෙකුට බරපතළයි!

එමෙන්ම ඔහුට දේශීය වගේම ජාත්‍යාන්තර බුද්ධි සේවාවල සහාය ලබා ගැනිමේ හැකියාව සහ බලය තිබිය යුතුයි. විශේෂයෙන්ම අපරාධ විමර්ශන කටයුතු පිළිබඳව දේශීය මෙන්ම විදේශීය විශේෂඥතා ඇති පුද්ගලයින්ගේ සහයා ලබා ගැනීමේ බලතලත් තිබිය යුතුයි. මෙතෙක් මෙම විමර්ශනය කළ නිලධාරීන් සමග සම්බන්ධ වීමේ අවස්ථාවක් තිබිය යුතුයි.
අප දකිනවා දියුණු රටවල මේ නිලය ක්‍රියාත්මක වෙනවා.

අප මේ ඉල්ලීම කරන්නේ අපේ රටේ නඩු පැවරීම සඳහා බලය ඇති නීතිපතිවරයා කියන නිලය ස්වාධීන නැති නිසා. අපේ රටේ නීතිපතිවරයා පාස්කු ප්‍රහාරය සම්බන්ධ ලබා දී ඇති නිර්දේශවත් ක්‍රියාත්මක කරන්න සමත් වී නෑ. එම තනතුරෙන් ස්වාධීන විමර්ශනයක් හෝ නඩු පැවරිමක් බලාපොරොත්තු වෙන්න බෑ. නීතිපතිවරයාගෙන් සම්පූර්ණ නිදහස් විශේෂ බලතල සහිත නඩු පැවරීමේ විශේෂ අභිචෝදකවරයෙකුගේ ක්‍රියාත්මක වීම තමයි අපි බලාපොරොත්තු වන්නේ.

ඒ වගේම මේ නඩු කටයුත්ත නිමා වෙනතුරු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන අනිවාර්ය නිවාඩු යැවීමක් අත්‍යාවශ්‍යයයි.
අද බුද්ධි ප්‍රධානී ලෙස කටයුතු කරන සුරේෂ සලේ විශ්‍රාම යෑමට නියමිතයි. ඔහුට තව දුරටත් සේවා ධූරය දීර්ඝ නොකර මෙම විමර්ශනය කළ යුතුයි. පාස්කු ප්‍රහාරය සම්බන්ධව සත්‍ය සොයා යෑමට සාධාරණයක් බලාපොරොත්තු වෙනවානම් කළ යුත්තේ එයයි.

පුලුවන්නම් මේක කරන්න. අපි දන්නවා ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතයි. ජනාධිපතිවරණයට ඉල්ලන අපේක්ෂකයින්ට අපි ඉදිරිපත් කරන යෝජනාව මේකයි. මේ යෝජනාව ක්‍රියාත්මක කිරීමට සූදානම් නම් අප හිතනවා ඔහුට පාස්කු ප්‍රහාරය පිළිබඳව යුක්තිය ඉටු කිරීමේ අවශ්‍යතාවයක් තියනවා කියලා.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව ව්‍යවස්ථා පනත් කෙටුම්පත හෙවත් ක්‍රිකට් හදන්න පත් කළ චිත්‍රසිරි කමිටුවේ වාර්තාව  ජනපතිට!

Next Post

ක්‍රිකට් කෙල්ලෝ කඩුළු 06ක විශිෂ්ට ජයග්‍රහණයක් සමග ශ්‍රී ලංකා බටහිර ඉන්දීය කොදෙව් එක්දින තරගාවලිය අරඹති!

Related Posts

පුවත්

මරා දැමූ උත්තරීතර නායකයාගේ අවසන් ගමනට ඉරානය සැරසෙන හැටි…

ජූලි 3, 2026
bus-fare- sri_lanka_buses
පුවත්

එළැඹෙන 05 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු ඉහළට – අවම ගාස්තුව 34යි!

ජූලි 3, 2026
පුවත්

මහනුවර නගර සභා ට්‍රැක්ටරයක් අඩි 30ක බෑවුමකට පෙරළෙයි: රියදුරු මියගොස් දෙදෙනෙකුට බරපතළයි!

ජූලි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මරා දැමූ උත්තරීතර නායකයාගේ අවසන් ගමනට ඉරානය සැරසෙන හැටි…

ජූලි 3, 2026
bus-fare- sri_lanka_buses

එළැඹෙන 05 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු ඉහළට – අවම ගාස්තුව 34යි!

ජූලි 3, 2026

මහනුවර නගර සභා ට්‍රැක්ටරයක් අඩි 30ක බෑවුමකට පෙරළෙයි: රියදුරු මියගොස් දෙදෙනෙකුට බරපතළයි!

ජූලි 3, 2026
ADVERTISEMENT
  • රඛිතලාගේ පජාතකම් හෙළි කළ  ‘Truth with Chamuditha’ වීඩයෝවක් සඳහා  විජයදාස ලබාගත්  තහනම් නියෝගය අභියෝගයට ලක් කරමින් චමුදිත අධිකරණයට…  

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු ඇමැති පුත්තු 10ක් CID සහ අල්ලස් කොමිසමේ දැලට – විදේශගත වීම වැළැක්වීමේ පියවර!

    172 shares
    Share 69 Tweet 43
  • මෙවන් විපතක් සතුරෙකුටවත් නොවේවා…ශ්‍රී ලංකා ක්‍රිකට් දැඩි සත්කාර ඒකක මට්ටමේ ප්‍රතිකාරයකට යොමු කළ ප්‍රහාරයකින් පසු කියන කතාවක්!

    172 shares
    Share 69 Tweet 43
  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප්ගේ අනතුරු ඇඟවීමට ඉරානයෙන් රිදෙන්න ප්‍රතිචාර…  තවදුරටත්   සටන් විරාමයක් නැති බව ඉරානය කියයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මරා දැමූ උත්තරීතර නායකයාගේ අවසන් ගමනට ඉරානය සැරසෙන හැටි…
  • එළැඹෙන 05 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු ඉහළට – අවම ගාස්තුව 34යි!
  • මහනුවර නගර සභා ට්‍රැක්ටරයක් අඩි 30ක බෑවුමකට පෙරළෙයි: රියදුරු මියගොස් දෙදෙනෙකුට බරපතළයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.