මනම්පිටිය නිමල් ජයරත්න –
අධිකරණයට අපහාස වන අයුරින්, අද (04 ) සවස අධිකරණය තුළ තම කකුලක් උඩ කකුලක් තබාගෙන සිටීමේ වරදට වැලිකන්ද ප්රාදේශිය සභාවේ සභාපති නිමල් අධිකාරි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස පොලොන්නරුව මහේස්ත්රාත් 2 එම්.එම්. ෆාතිමා මින්හා නියෝග කළාය.
වැලිකන්ද ප්රාදේශීය සභාව, රුහුණුකෙත තානායමක සංවිධානය කරන ලද උත්සවයක් සඳහා අනවසරයෙන්, සභාවේ විදුලි කාර්මිකයා, ඇතුළු දෙදෙනෙකු , විදුලිබල මණ්ඩලයේ කොළඹ විශේෂ වැටලීම් ඒකකය මගින් අත්අඩංගුවට ගෙන පොලොන්නරුව මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳ විභාග වන නඩුව සොයා බැලීමේ අවස්ථාවට සහභාගිවූ සභාපතිවරයා එලෙස අධිකරණයට අපහාස වන අයුරින් හැසිරී ඇත,
ශරීර ඇප මත නිදහස් වූ සභාපති නිමල් අධිකාරි සඳහන් කළේ තමන් විනාඩි 30ක පමණ කාලයක් රක්ෂිත බන්ධනාගාරව සිටිමෙන් පසු පොලොන්නරුව මහේස්ත්රාත්වරිය අවවාද කිරිමෙන් අනතුරුව නිදහස් කළ බවයි.









