ශ්‍රියානි විජේසිංහ –
දැනට ලොව පුරා රටවල් කීපයක් පැතිර යන ඔමික්‍රොන් නව ප්‍රභේදයෙන් ආරක්ෂා වීමට ඇති එකම විසදුම එන්නත්කරණය බැවින් එන්නත්කරණය සම්පූර්ණ කර නොමැති අය වහාම සයිනොෆාම් එන්නත ලබා ගෙන තමන්ගේ එන්නත්කරණය සම්පූර්ණ කර ගන්නැයි වසංගත රෝග විද්‍යා අංශයේ අධ්යක්ෂ විහේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා සදහන් කරයි.
සියලුම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලන් වෙත සහ රෝහල්වලින් මෙම එන්නත ලබා ගත හැකි බැවින් වර්ධක මාත්‍රාවන් සහ ප්‍රාථමික එන්නත්කරණය සම්පූර්ණ කර නොමැති සියලුම දෙනාට එන්නත ලබා ගත හැකි බව අධ්යක්ෂවරයා පැවසීය.
වර්ධක මාත්‍රාව ලෙස ලබා දුන් ෆයිසර් එන්නත කල් ඉකුත් වී ඇති බැවින් සයිනොෆාම් එන්නත ලබා ගත හැකි බව බෝවන රෝග පිලිබඳ විද්වත් කමිටුව තීරණය කර ඇතැයි හෙතෙම සඳහන් කළේය.
වයස අවුරුද 20ට වැඩි මිලියන් 14.2ක පිරිසක් සිටින නමුත් වර්ධක මාත්‍රාව ලබාගෙන ඇත්තේ මිලියන 8.1කි.
තවත් මිලියන 6ක පිරිසක් එන්නත ලබා නොගන සිටින බැවින් ඉදිරියේදී කොවිඩ් වයිරසය ව්‍යාප්ත වී අනුප්‍රභේදයක් පැමිණියහොත් වැඩි අවදානයට ලක්වෙන්නේ වර්ධක මාත්‍රාව ලබා නොගත් අය බැවින් වහාම වර්ධක මාත්‍රාව ලබා ගැනීමට කටයුතු කරන්නැයි වෛද්‍ය ගිනිගේ පැවසුවේය.







