සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඕමානයේ  දී අපේ කාන්තාවන් ගණිකා වෘත්තියේ   යෙදවා  වැඩ තහනමට ලක් වූ තානාපති නිලධාරියා තහනම නොතකා  තවමත් වැඩ!

by editor
නොවැම්බර් 19, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ඕමානයට ගිය ශ්‍රි ලාංකික කාන්තාවන් වහල් සේවයට විකිණීම,    ගණිකා වෘත්තියේ යෙදවීම් සහ  ලිංගික අතවර කිරීම්වලට සම්බන්ධ බවට චෝදනා කර වැඩ තහනම් කළ බව කියන  ඕමාන ශ්‍රි ලංකා තානපති කාර්යාලයට සම්බන්ධව තුන් වැනි ලේකම්වරයෙක් ලෙස සේවය කරන විදේශ සේවා නියුක්ති කාර්යාංශ  නිලධාරියා තවදුරටත් තානාපති කාර්යාලයේ රාජකාරීවල යෙදෙන බව ආරංචි මාර්ග සඳහන් කරයි.

එදිරිආරච්චිගේ කුෂාන් නැමැති මෙම නිලධාරියා   ඊයේ (18)  දිනයේදි වැඩ තහනම් කර ඇති බව සඳහන් වුවද ඊට අදාල ලිපි ලේඛන තවමත් අදාළ බලදාරීන් වෙත නොයාම ඊට හේතු විය හැකි  බවද එම ආරංචි මාර්ග තවදුරටත්සඳහන් කළේ.

කෙසේ වුවද මෙම නිලධාරියා  මෙරටට ගෙන්වා ඉදිරි විමර්ශන කටයුතු සිදු කිරීමට බලාපොරොත්තු වන බව ආරංචි මාර්ග සඳහන් කරයි. ඔහු ගෙන්වා ගැනීම සඳහා රජයේ මුදල් වැය නොකරන බවත් ඔහු සිය පුද්ගලික වියදමින් පැමිණිය යුතු බවත් විදේශ අමාත්‍යාංශය දන්වා තිබේ.

සංචාරක වීසා මත ගෘහ සේවය සඳහා බව පවසමින් ශ්‍රි ලංකාවෙන් ඕමානය බලා යවා ඇති කාන්තාවන් සම්බන්ධයෙන් සිදුවන අපරාධ විමර්ශෂනයේ දී    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයකු ඇතුළු විමර්ශන කණ්ඩායම  අනාවරණය කර ගත් කරුණු සහ කාන්තාවන් වෙතින් ලද විවිධ පැමිණිලි මත මෙම නිලධාරියාගේ ගේ වැඩ තහනම් කර ඇති බව සඳහන් වේ.

එලෙස ඕමානයට ගිය කාන්තාවන් 45 දෙනකුකේ  මේ වනවිට   තමන්   වහල් සේවයේ යෙදවීම සහ ගණිකා වෘත්තියේ යෙදවීමට සම්බන්ධයෙන් මෙම නිලධාරියාට චෝදනා එල්ල කර ඇති බව වාර්තා වී ඇත.

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

අපරාධ විමර්ශන දෙපාර්තමේන්තු නිලධාරීන් මෙම කාන්තාවන් සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවල දී  ආවරණය කර ගත් කරුණු මාධ්‍ය හරහා ප්‍රචාරය වීමෙන් පසුව පවා ඕමාන තානාපති කාර්යාලයේ සුරක්ෂා නිවහනේ දැනට රැඳී සිටින කාන්තාවන් තවදුරටත් විවිධ හිංසනයන්ට සහ පීඩාවට ලක් වන බවට අනාවරණය වී ඇත.

සංචාරක වීසා මත එරටට යවා ඇති කාන්තාවන් 45 දෙනා අතරින් 43 දෙනකු තවමත් මෙරටට ගෙන්වා ගැනීමට අදාළ පියවර තානාපති කාර්යාලය මඟින් ගෙන නොමැති බව සඳහන් වේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් අනාවරණය කර ඇත්තේ කාන්තාවන් ලිංගික සේවය සහා විකිණීම ඇතුළු මිනිස් ජාවාරමට විදේශ සේවා නියුක්ති කාර්යාංශ සේවයකයන් කිහි දෙනකු මෙන්ම ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්ද සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි.

මේ අතරින් ඕමානයේ ශ්‍රි ලංකා තානාපති කාර්යාලයේ සේවය කරන කුෂාන් නැමති නිලධාරියා පිළිබඳව පැමිණිලි ගණනාවක් ලැබී ඇති අතර කාන්තාවන් රුපියල් ලක්ෂ 10ත් 25ත් අතර මිලකට අලෙවි කිරීම සඳහා මෙන්ම කාන්තාවන්ට ලිංගික අතවර සහ ලිංගික බලපෑම් කිරීමට ද මෙම කුෂාන් නැමති නිලධාරියා තදින්ම සම්බන්ධ බවට අනාවරණය වී ඇත.

 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මත්ද්‍රව්‍ය ඇබ්බැහි වූවන් ගොඩගන්න ලංකාවේ මුල් වරට රෝහලක් තුළ පුනරුත්ථාපන ඒකකයක් බිහි වෙයි!

Next Post

“ඕමාන් අපරාධයේ“ මහ මොළකරුවෙක් කටුනායක දී අත්අඩංගුවට…

Related Posts

පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.