සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“ඔබේ උද්ච්චකම විනාශ කරන්නේ අපේ ජීවිතයි…“ නුවරගල ගොවීන් මගට බැස කියන කතාව!

පොහොර නැතිව වතුර මොකට ද?. හෙක්ටයාර 22000 වගාව ඉවරයි!

by editor
ඔක්තෝබර් 7, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය – නිමල් ජයරත්න

පොලොන්නරුව මහවැලි සී කලාපයේ නුවරගල ගොවි සංවිධාන හා ගොවි ජනතාව තුන්සීයකට අධික පිරිසක් නුවරගල මැදගම්පිටිය වෙල් යායට එක් වී අද උදේ  (07) උද්ඝෝෂණයක නිරත වූහ.

ඔවුහු සිය ගොවි බිම් අස්වැද්දීමට  පොහොර ඉල්ලති.   මිනිස්සුනගේ ජීවිත හා බැඳුණු මේ මහා සංකීර්ණය උද්දච්ච පාලකයින්ට හා ඔහුගේ අසීමිත මොඩකම් මැද සිහින දකින්නට උත්සාහ කරන උමතු කෘෂිකර්ම ඇමතිට තේරෙන්නේ නැත.

ලබන 20 දා මහ කන්නයට වතුර ලැබෙන්නේය.  මේ ගොවීන් කියන්නේ පොහොර නිශ්පාදනය කිරීම අවාට ගියාට කළ හැකි දෙයක් නොවන බවය. වී ගොවිතැනට අවශ්‍ය නිශ්චිත ප්‍රමිතියට තමන්ට කාබනික පොහොර නිශ්පාදනය කරගැනීම කාබනික පොහොර නිශ්පාදනය කිරීම සඳහා අවශ්‍ය උපදෙස් හෝ පුහුණුව ලබා දුන් නැති බවය.

උද්ඝෝෂණයෙන් අනතුරුව ගොවි සංවිධාන නියෝජිතයන් මාධ්‍යයට අදහස් දක්වමින්…

“ ඇයි මහත්තයො මෙහෙම කරන්නෙ. මේ මිනිස්සු ඇයි මේ තරම් උද්දච්ච. මේ පොළොව එකපාරට කාබනික ගොවිතැනට හුරු කරගන්න බෑ. අවුරුදු ගාණක් රසායනික පොහොරවලට හුරු කරපු පොළොවක් එකපාරටම කාබනික ගොවිතැන් කරන්නෙ කොහොම ද?. අපි කියන්නෙ අපි මේ ගොවිතැනට හුරු වෙන්නම්. අපිට කාලයක් දෙන්න කියන එක විතරයි.“

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ගොවි නියෝජිතයෙක් ලංකාසරට පැවසීය. ඔහු කියන්නේ පොහොර නොදී වතුර දුන්නත් මහවැලි සී කලාපයේ හෙක්ටයාර 22000ක ගොවිතැන් අත්හැරෙන බවය.

“බඩගින්නෙ මේ පොළොවෙ මැරෙන්න දෙන්න එපා. අපි ඉල්ලන්නෙ රස්සාවල් නෙමෙයි. අපේ දාඩිය මහන්සියෙන් මේ පොළොව අස්වද්දන්න ඕන යෙදවුම් ටික. ඒකත් සහනාධාර විදිහට දෙන්න එපා. අපි සල්ලි දීලා ගන්නම්. පොහොර ටික දෙන්න. “

මිනිස්සු එක එකා නොයිවසිලිමත්ව කතා කරති.

“කාබනික වගාව වෙනස්ම දෙයක්. අපට කාබනි පොහොර දුන්නත් ඒ   කාබනික පොහොරවලින් ගොයමට ඕන කරන පෝෂණය තියනවද කියලා අපි කිසි කෙනෙක් දන්නෙ නෑ. ඒ එක්ක එන වල් මර්ධනය කරන්න ඕන බෙහෙත් නෑ. ඒ ගැන ක්‍රමයක් නෑ.  අපිට මේ ගොවිතැනට හුරු වෙන්න කාලයක් අවශ්‍යයයි.

ඔවුන් කියන්නේ ගොවිතැන ගැන හරි තක්සේරුවක් නොකර ගොවීන්ව විනාශ කරන මෙවැනි ආණ්ඩු අවශ්‍ය නැති බවය. එක් පුද්ගලයෙකුගේ අසීමිත උද්දච්චකම ඉතා යහපත් සංකල්පයක් මරණ වරෙන්තුවක් කර ඇති අයුරු නුවරගල මිනිස්සු අපට කියා දෙති. තවත් බොහෝ ගොවි සංවිධාන එලියට බසින්නට නියමිතව සිටිති.

අපට දුක මේ අසරණ මිනිසුන් පෝලිමේ ඇවිත් මහා අපේක්ෂා සහිතව පත් කරගත් ආණ්ඩුවක් ඒ මිනිස්සුන්ගේ ජීවිතයේ හුස්මපොද සමග සූදු කෙළින ආකාරය දකින විටය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

34 වරක් කළ පරීක්ෂණ සාර්ථකයි… ලොව එකම මැලේරියා එන්නත අනුමතයි!

Next Post

කබ්රාල්ට එල්ලූ ඇමති බෝඩ් ලෑල්ල ජනපති අහෝසි කරයි

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.