අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඒ පොඩි උන්ට බනින්න එපා… මහ උන් විනාස කළ නටබුන් අතර උන් අතරමං වෙලා… අපේ ක්‍රිකට් අනාගතය UAE වලටත් පරාදයි…

by editor
දෙසැම්බර් 11, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ඒ පොඩි උන්ට බැණ අඬ ගසා පලක් නැත. ආදර්ශ නැති ලෝකයක උනුත් මහඑකාලගේ හැටියටය.  ශ්‍රී ලංකා ක්‍රිකට් හෙවත් සිල්ලර ඩොලර් කඩේට අරක්ගත්  තුච්ඡ පිශායන් රටට කරන හානිය දැන් තේරුම් ගත යුතුය. අපට ක්‍රිකට් අනාගතයක් නැති බව අද අප කණගාටුවෙන් යුතුව බලාගෙන සිටියේය.

ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම මෙවර ආසියානු කුසලාන තරගාවලියේ දී එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායමට පරාදය. ඒ පරාදවන බවට වූ අඳුරුම ලකුණු අපේ ක්‍රිකට් තරුණයන්ගේ පිතිකරණය දෙස බලා සිටින විට අපට පෙනුනේය. ලංකාවෙන් තෝරාගත හැකි හොඳම තරුණ පාසල් ක්‍රීඩකයින් මොවුන් නම් අනාගතය කුමක් වනු ඇති දැයි අපි කල්පනා කළෙමු.  හවස්වනවිට ඒ සම්බන්ධව පැහැදිලි චිත්‍රයක් අපට ලැබී තිබේ.

ලකුණු 221ක ඉලක්කයක් හඹා ගිය එක්සත් අරාබි එමීර් රාජ්‍ය  කණ්ඩායම පන්දු 10ක් ඉතිරිව තිබිය දි කඩුළු 02කින් ජයග්‍රහණය අත් කරගත්තේය.

19න් පහළ ආසියානු කුසලාන තරගාවලියේ හත්වන තරගය ලෙස අද ඩුබායි හි  ශ්‍රී ලංකා එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර තරගය පැවැත්විනි.

කාසියේ වාසිය දිනාගත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පන්දු යවන්නෝ තියුණු පන්දු යැවීම නිරතවෙමින් ශ්‍රී ලංකා මුල් පෙළ කඩුළු දෙකක් ලකුණු 49ක් වනවිට දවා ගත්හ.

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

එහෙත් නායක සිනෙත් ජයවර්ධන සහ පුළිඳු පෙරේරා ලකුණු 63ක  සම්බන්ධතාවයක් ගොඩනැගූහ.  නායක සිනෙත් ජයවර්ධන ලකුණු 49 දී දුවද්දී දැවී යෑමටකට හසු විය.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ දිනුර කළුපහණ ලකුණු 58ක් රැස් කළේය. රසුන්ද ගමගේ ලකුණු 26ක්, විශ්ව ලහිරු නොදැවී ලකුණු 23ක් ලැබුවේය.

ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දු ඕවර 50 තුළ දී රැස් කරන්නට හැකි වූයේ ලකුණු 220ක් පමණි.  කඩුළු 09ක් දැවී ගියේය.

ඔමිඩ් රහ්මාන් කඩුළු 02ක්, ආයන් අෆ්සාල් ඛාන් කඩුළු 02ක්,  අයිමන් අමඩ්, දෘව් පරාෂා, හරිදික් පාල් එක් කඩුල්ල බැගින් ලැබූහ.

පිළිතුරු ඉනිම ක්‍රිඩා කිරීමට පැමිණි එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායමේ කඩුළු 03ක් ලකුණු 88කට දැවී ගිය නමුත් පළමු කඩුල්ල බිඳවැටීමෙන් පසු පිටියට පැමිණි තනිෂ් සූරි විශිෂ්ට පිතිකරණයක නිරතවෙමින් එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම ජයග්‍රහණයේ මුවවිට අසලට රැගෙන ආවේය. ඔහු පන්දු 88ක් තුළ ලකුණු 75ක් රැස් කළේය.

මාරුෆ් මර්චන්ට් ලකුණු 20ක්, නායක ආයන් අෆ්සාල් ඛාන්  ලකුණු 33ක්, ලැබුවේය. අම්මාර් බඩමි නොදැවි ලකුණු 17ක් සහ අයිමාන් අහමඩ් නොදැවී ලකුණු 10ක්  ලබමින් තරගය අවසන් කළේය.

පන්දු යැවීමේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් ගරුක සන්කෙත් 35/3ක්,විශ්ව ලහිරු 28/2ක්, විහස් තෙව්මික 48/1, දුවිදු රණතුංග 40/1, මල්ෂ තරුපති 52/1 ලෙස කඩුළු ලබා ගත්හ.

වේදනාවෙන් සඳහන්  කළ යුත්තේ තරුණයින් සතු විය යුතු ජවය සටන්කාමීත්වය ගිලිහී ගිය තරු ලකුණු නොපෙනෙන දරුවන් ටිකක් සෙල්ලම් කළ බවය. ඔවුන් ක්‍රීඩා නොකළහ. අවසන් මොහොතේ පහසු තීරණාත්මක උඩ පන්දුවක් ගිලිහී ගියේය. තරගය පරාජය ලැබුවේය. ඉන්දියාව, පකිස්ථානය, තබා බංගලදේශය. ඇෆ්ගනිස්ථානය අසලටවත් අපට යන්නට හැකි වුනොත් යෙහෙකි.

ඇස් ඇතිනම්  රටට මේ විනාශයේ පෙර ලකුණු පෙනෙනු ඇති බව විශ්වාස කරමු.

Tags: නවතම
Share69Tweet43
Previous Post

වැට් බද්ද සම්මතයි…. අද පාර්ලිමේන්තුවේ දී සිදුවූයේ කුමක් ද?

Next Post

කන්දකාඩු කඳවුරෙන් රැඳවියෝ 50ක් පලා යති… 23ක් අත් අඩංගුවට…

Related Posts

court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.