එළිමහනේ පෞද්ගලික ඒකරාශීවීම්, රැස්වීම් අද (15) රාත්‍රී 12.00 සිට සිට ලබන 30 වැනිදා දක්වා තහනම් කරමින් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් සෞඛ්‍ය මාර්ගෝපදේශ සංග්‍රහයක් අද පස්වරුවේ නිකුත් කර තිබේ.
කොවිඩ් පැතිරීම පාලනය කිරීමේ පියවරක් ලෙස මෙම නව මාර්ගෝපදේශ සංග්‍රහය නිකුත් කර ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
අපොස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ උපකාරක පන්ති සඳහා එම පන්ති පවත්වන ස්ථානයේ ධාරිතාවයෙන් 50%ක් සඳහා අවසර ලබාදී තිබේ.
එසේම දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව විභාග පැවැත්වීමට ද අවසර හිමිවේ.









