සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

එස්.එම්. රංජිත් නෑනා එක්ක හිරේ ගිය පසු හොරොව්පතානේ පළවෙනි ඩීආර්ඕ මහත්තයා ෆේස් බුක් එකේ තැබූ අපූරු සටහන….

by editor
අප්‍රේල් 7, 2025
in පුවත්
government-service-sri-lanka
Share on FacebookShare on Twitter

ලොකු කුමාර විසිනි –

මෙරට පරිපාලන ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨයකුව සිට විශ්‍රාම ගෙන සිටින නීතිඥ ඒ.පී.ඒ.ගුණසේකර ඒ දිනවල ප්‍රසිද්ධව සිටියේ විනිවිද භාවයකින් හා අවංකව පරිපාලන තීරණ ගන්නා නිළධරියකු ලෙසය. ඔහු විසින් රචිත ඔහුගේ ස්වයං චරිතාපදානය වන්නේ හොරොව්පතානේ පළවෙනි ඩීයාරෝ කෘතියයි. ඔහු රාජ්‍ය සේවය තුළ ඉටු කළ කාර්ය භාරය එහි සඳහන්ව ඇත්තේ එක හුස්මට කිය විය හැකි ආකාරයෙනි.

APA-Gunasekara
ඒ.පී.ඒ ගුණසේකර

සැබැවින්ම ඒ.පී.ඒ.ගුණසේකරගේ ස්වයං චරිතාපදානය රාජ්‍ය නිළධාරීන්ට අත් පොතක් ලෙස නිර්දේශ කළ හැකි තරමේ අපූරු සටහන් වලින් යුතු ග්‍රන්ථයකි. ඔහු රාජ්‍ය පරිපාලන සේවයේ පත් වීම් ලැබූ දින පියා කළ අවවාදය විශ්‍රාම ගන්නා තුරුම ඔහුගේ හෘද සාක්ෂිය කර ගත් බව පැහැදිලිය.

” පුතේ උඹ හෙට අනිද්දට පත් වෙන්නෙ මේ රටේ උසස්ම සේවයට. ඉස්සර කිව්වෙ මේකට සිවිල් සේවය කියල.මේක උඹේ රටයි. රටේ මිනිස්සුන්ටයි කරන්ඩ තියෙන ලොකු වරමක්. බොහොම සීමා සහිත පිරිසකටයි මේ අවස්ථාව ලැබෙන්නෙ. උත්සාහ ගනිං තැලෙන පෑගෙන මිනිස්සුන්ට සේවයක් කරන්ඩ. ලොකු මිනිස්සුන්ගෙ අසාධාරණ නියෝග වලට ඔළුව පාත් කරලා නීච වැඩ කරන්ඩ එපා. කොන්ද කෙලින් තියගෙන රාජකාරි කරපං. අපේ ඇඟේ දුවන ලේ පිරිසිදුයි. මගේ තාත්ත මට ඒ ලේ පිරිසිඳුව දුන්නා. මමත් ඒ විදියට උඹට දුන්නා. ඒ ලේ අපිරිසිදු නොකර කවදහරි උඹත් උඹේ දරුවන්ට දෙන්ට ඕනෑ. ජරා වැඩ කරලා අසාධාරණ වැඩ කරලා නීච වැඩ කරලා උඹ මේ ගෙදරට එන්න එපා. එහෙම කරල ආවොත් උඹ මේ ගෙදරට එන්න එපා. එහෙම කරල ආවොත් එදාට උඹ ඒජන්ත හාමුදුරුවො වුනත් මගේ පණ තිබුණොත් උඹට ගහලා මේ ගෙදරින් එලවල දානවා..”

මේ විශ්‍රාමික රජයේ සේවකයකු වූ ඔහුගේ පියා ඔහුට දුන් අවවාදයයි. ස්වයං චරිතාපදානයේ සඳහන් කර ඇති ආකාරයට ඒ.පී.ඒ.ගුණසේකර සිය රාජකාරිය තුළදී පියා⁣ දුන් අවවාදයෙන් පීලි පැන නැති බව වටහා ගත හැකිය.

1975 ජනවාරි 17 වනදා සිට ඒ.පී.ඒ .ගුණසේකර හොරොව්පතාන ඩී.ආර්.ඕ ලෙස රාජකාරි කරමින් සිටින අවස්ථාවේ ඔහු කනිෂ්ඨ සේවකයෙක් ගේ රාජකාරි පැහැර හැරීමක් සම්බන්ධයෙන් මැදිහත් වූ ආකාරය අපූරුය. කාර්යාලයේ වැසිකිලි පිරිසිදු කරන සේවකයා තම රාජකාරිය ඉටු නොකර මග හරිමින් සිටින අවස්ථාවක ඩී.ආර්.ඕ .ගුණසේකර ඔහු කැඳවා ඒ පිළිබඳව ප්‍රශ්න කරයි. එහිදී එම සේවකයා පවසන්නේ සර් මම වැව් ලේකම්ගෙ පුතා. මම වැසිකිලි සේදුවොත් එවැනි පවුලක ගෞරවයට මොකද වෙන්නේ යැයි කියාය. ඩීආර්ඕ ගුනසේකර ඔහුට බැණ වදින්නේ නැත. දඬුවම් කරන්නේද නැත. ඉන් අනතුරුව ඩීආර්ඕ ගුණසේකර තමන් ඇඳ සිටින කලිසමෙි කකුල් දණ හිස තෙක් නමා ගෙන වතුර බාල්දි කොසු ඉදල් ගෙන වැසිකිලි සෝදයි. කාර්යාල සේවකයන් පමණක් නොව ඩීආර්ඕ කාර්යාලයට ආ මහජනතාවද සිට ඇත්තේ ඇස් අදහාගත නොහැකිවය.

RelatedPosts

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

අනතුරුව තම රාජකාරිය පැහැර හැර ඇති සේවකයා තමා ළඟට කැඳවූ ඩීආර්ඕ ගුණසේකර ඔහුගෙන් මෙසේ ප්‍රශ්න කර තිබේ.

“ජයවර්ධන තමන්ගෙ තාත්තා කවුරු කියලද කිව්වෙ?”

“හිටපු වැව් ලේකම්”

“එතකොට මම කවුද?”

“ඩීආර්ඕ තුමා”

හිටපු ඩීආර්ඕද ?ඉන්න ඩීආර්ඕද?”

“ඉන්න ඩීආර්ඕ”

“ජයවර්ධන හිටපු වැව් ලේකම් තනතුරයි. ඉන්න ඩීආර්ඕ තනතුරයි ගත්තම ඔය දෙකෙන් කෝකද ලොකු?”මම අසමි.

ජයවර්ධන බිම බලාගෙන සිටියි.

“කියන්න ජයවර්ධන මේ තනතුරු දෙකෙන් කොයි තනතුරද වැදගත්?”මම නැවතත් අසමි. ඔහු නිහඬය.

“ජයවර්ධන ඒ තනතුරු දෙක අතරෙ වෙනස කොයි වගේද?”

“අහසයි පොළවයි වගේ”

“ඉතින් ජයවර්ධන තමන්ම කියන විදිය⁣ට මගේ තනතුර බෝම වැදගත්. ජය වර්ධනගෙ තාත්ත දරපු තනතුර එච්චර වැදගත් නෑ”

“ඔව්”

“එහෙම නම් එච්චර වැදගත් ඩීආර්ඕ තනතුර දරන මමත් කන්තෝරුවේ වැසිකිලි හේදුවා,ජයවර්ධන දැක්කා නොවැ. ඉතින් වැව් ලේකම් තනතුර දැ⁣රුවෙ ජයවර්ධනත් නොවෙයි. ජයවර්ධනගෙ තාත්තා නොවැ. එහෙව් එකේ ජයවර්ධන වැසිකිලි හෝදන එක මදි පුංචි කමක් වෙන්නෙ කෝමද? මීට පස්සෙ වැසිකිළිය සෝදන කොට මොකක් හරි ඒ වගේ අදහසක් ආවොත් ජයවර්ධන හිතන්ඩ මම මේ කරන්නෙ ඩීආර්ඕත් කරපු වැඩක් නේ කියල. දැං ජයවරධන යන්ට”

එදින සිට මේ සේවකයා ඩී.ආර්.ඕ. කාර්යාලයේ වැසිකිලි සේදීම මග හැරියේ නැති බව ඒ.පී.ඒ ගුණසේකර සිය චරිතාපදානයේ සඳහන් කර තිබේ.

වර්තමානයේ විශ්‍රාමිකව සි⁣ටින ඒ.පී.ඒ ගුණසේකර ගැන අප ලියන්නට අදහස් කෙරුවේ ඔහු විසින් පසුගියදා ඔහු ගේ ෆේස් බුක් ගිණුමේ ලියා ඇති සටහනක් නිසාය. එම සටහන සියළු රාජ්‍ය සේවකයන්ගේ අවධානය⁣ට ගත යුත්තකි.

ඒ⁣ මෙසේය

රජයේ නිළධාරීන් වර්ග දෙකක් සිටී. එම වර්ග දෙක නිවැරදිව හැඳින ගැනීමට රජය සමත් විය යුතුය.උතුරු මැද පලාතේ හිටපු ප්‍රධාන අමාත්‍යවරයකු හා ඔහුගේ (වැඩිමහල් සොයුරා ගේ බිරිඳ වන ) පෞද්ගලික ලේකම්වරියද වසර 16 බැගින් වූ බරපතල වැඩ සහිත සිර දඬුවමකට හා රුපියල් 200000බැගින් වූ දඩ මුදලකට යටත් කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු තුමන් විසින් ලබා දුන් නඩු තීන්දුව ඵෙතිහාසික බවයි මගේ විශ්වාසය. මෙහිදී නඩු නිමිත්ත වී ඇත්තේ නිල බලය අයුතු ලෙස භාවිතා කරමින් ඉන්ධන සපයා ගැනීමක් බවයි ප්‍රකාශ වුනේ.

ඇත්තෙන්ම මෙම නඩු තීන්දුව ගැන පුවත රූපවාහිනී චැනලයක් මගින් අසන්නට ලැබුණ අවස්ථාවේ මසිතෙහි ඇති වුනේ බලවත් සතුටක්. ඒ එම පුද්ගලයන්ට දඬුවම් හිමි වීම නිසා නොවෙයි. මේ මගින්
මේ රටේ සිදු කරන රජයේ මුදල් අවභාවිතා කිරීම යම් පමණකට හෝ පාලනය කිරීමට මෙම නඩු තීන්දුවෙන් විසල් බලපෑමක් සිදු වන නිසයි සතුටු වුනේ. ඒ ආකාරයෙන්ම කුමන බලපෑම් ආවත් සාවද්‍ය ගෙවීම් නොකර , මුදල් රෙගුලාසි උල්ලංඝනය නොකර, රජයේ මුදල් අවභාවිතාවන් වලක්වා ගත් අති විශාල නිළධාරීන් පිරිසක් එකල රජයේ සේවයේ සිටි බව මම ඔවුන්ට ගෞරවයක් වශයෙන් මෙහි සටහන් කරනවා. ඔවුන් තමයි එක් නිළධාරී වර්ගයක්.

එවැනි නිළධාරීන් අදත් සිටිනවා. කිසිම විටක ඇමතිවරයෙකුට හෝ ඔවුන්ගේ ගෝලබාලයෙකුට හෝ රජයේ මුදල් සතයක් හෝ රජයේ කාර්යාලයක බැංකු ගිණුමකින් ලබා ගන්ඩ බැහැ .ඒවායින් මුදල් ලබා ගන්ඩ පුළුවන් නිසි බලය සහිත රජයේ නිළධාරියෙකුට පමණයි.

මුදල් රෙගුලාසි අංක 135 අනුව මුදල් වර්ෂය ආරම්භයේදී අදාල අමාත්‍යංශ ලේකම් හෝ දෙපාර්තමේන්තු ප්‍රධානියා හෝ තම ආයතනයේ රජයේ මුදල් ගෙවීමේදී ඊට අදාල කාර්යයන් ඉටු කිරීම සඳහා සුදුසු නිළධාරීන්ට ලිඛිතවම බලය පවරනවා. එහිදී කිසියම් ගෙවීමක් කිරීම සඳහා බලය දීම, එම ගෙවීම අනුමත කිරීම, එම වියදම සහතික කිරීම හා මුදල් ගෙවීම යන කාර්යයන් හතර සදහා තමයි එලෙස බලය පවරන්නේ. එම වියදම සහතික කිරීම හා මුදල් ගෙවීම යන කාර්යයන් හතර සදහා තමයි එලෙස බලය පවරන්නේ. එම කාර්යයන් ඉටු කිරීමේදී බලය පැවරුණ නිළධාරීන් අනිවාර්යයෙන්ම අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ග අංක 136 සිට 139 දක්වා මුදල් රෙගුලාසිවල ඉතා පැහැදිලිවත් නිශ්චිතවත් දැක්වෙනවා.

එම තත්වය යටතේ කිසිදු රජයේ නිළධාරියෙකුට රජයේ මුදල් අනීතික කාර්යයක් සදහා ගෙවිය නොහැකියි. චෙක්පත්වල පළමුවැනි අත්සන් කරුගේ හා දෙවැනි අත්සන් කරුගේ වගකීම් මොනවාද යන්න පවා මුදල් රෙගුලාසිවල නිශ්චිතව සඳහන් කර තිබෙනවා. මෙම තත්ත්වය යටතේ උක්ත කාර්යයන් ඉටු කරනු ලබන නිළධාරීන්ගේ සහාය නොලබා ජනපතිවරයාටවත් රජයේ මුදල් ලබා ගත නොහැකියි. ඇමතිවරුන් හා ගෝල බාලයන් අනීතික ලෙස රජයේ මුදල් ලබා ගෙන ඇත්නම් එයට මුල් වී ඇත්තේ එම ගෙවීම්වලට අදාලව ඉහත සඳහන් කළ කාර්යය ඉටු කළ හා චෙක් පත් අත්සන් කළ නිළධාරීන් බව කිව යුතුය. කුමන පරමාර්ථයක් යටතේ හෝ එවැනි අනීතික ගෙවීම් වලදී ඇමතිවරුන් කියන ඕනෑම වැරදි ක්‍රියාවක් කරන නිළධාරීන් තමයි දෙවන වර්ගය

මට මෙහිදී තවත් ගැටලුවක් මතු වෙනවා. මට මතකයි මා රජයේ විවිධ ඉහළ තනතුරු දැරූ අවධියේ විවිධ අනීතික ගෙවීම් කරන ලෙසට මාගේ ඇමතිවරුන් විසින් නියෝග කළ අවස්ථා වලදී මා ඒවා දැඩිව ප්‍රතික්ෂේප කළ ආකාරය. වාචිකවත්, ලිඛිතවත් මම මාගේ ස්ථාවරය එම අවස්ථාවලදී ඇමතිවරුන්ට දැන් වූවා. විටෙක ඔවුන් නොසතුටු වුනා. තවත් විටෙක කුපිත වුනා. එක් අවස්ථාවකදී එක් ඇමතිවරයෙකුගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙක් අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ලේකම් වරයකු වන මා හට අපහාස කරමින් තර්ජනය කළා. සියල්ල අසා සිටි මම අවසානයේ ඔහුට පැවසුවේ තවත් යමක් කීමට ඇත්නම් ඒවාද කියන ලෙසත් මාගේ ස්ථාවරය නිවැරිදි නිසා මුදල් රෙගුලාසිවලට පටහැනිව රජයේ මුදල් සතයක් හෝ මවිසින් නොගෙවන බවත්… එසේ කර ඕනෑම වෙලාවක ස්ථාන මාරුවී යාමට මා සූදානම් බවත් මා පැවසුවා.

එසේම තවත් අවස්ථාවක මාගේ අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම්වරියද අමාත්‍යංශ ලේකම් වරයා වූ මා හට තදින් දෝෂරෝපනයක් කළා. කිසියම් ගෙවීමක් නොකිරීම පිළිබඳව. මාගේ ප්‍රතිචාරය වුනේ ඉහත පරිදිමයි. පල් හොරුන්ට ඒ සඳහා සහාය වූ හා සහාය වන ඉහත සඳහන් දෙවැනි වර්ගයද අනුකම්පා විරහිතව නිත්‍යානුකූල ක්‍රියා මාර්ග මගින් රජයේ සේවයෙන් වඳ කර දැමිය යුතු වෙනවා. එසේ නොකර රජයේ සේවය පිරිසිඳු කළ නොහැකියි. උතුරු මැද පලාත් සභාවේ මහ ඇමතිවරයාට හා ⁣ඔහුගේ පෞද්ගලික ලේකම්වරිය⁣ට රුපියල් 2600000 කට අධික මුදලක් මුදල් රෙගුලාසි වලට පටහැනිව ගෙවීමේදී ඉහත සඳහන් කාර්යයන් ඉටු කරන ලද වංචනික නිළධාරීන් සියලු දෙනාට එරෙහිව විධිමත් විනය පියවර ගත යුතු බවයි මගේ අදහස.

කොළඹ මහාධිකරණය විසින් ලබා දුන් ඉහත සඳහන් නඩු තීන්දුවේ පිටපත් සියලුම රජයේ හා පළාත් සභා කාර්යාල වෙත ලබා දීම⁣ට රජය ක්‍රියාකරන්නේ නම් එයද යහපත් ක්‍රියාවක් බවයි අවසාන වශයෙන් මා කියා සිටින්නේ

(උපුටනය අවසන්)

නීතිඥ ඒ.පී.ඒ ගුණසේකර ෆේස් බුක් ගිණුමේ සඳහන් කළ ආකාරයට මුදල් වංචාවන්ට ඇමතිවරුන්ට උඩ ගෙඩි දුන් රජයේ නිළධාරීන්ට පාඩමක් උගන්වන්නේ නැතුව ඇමතිවරුන්ට පමණක් දඬුවම් දීමෙන් පලක් නැත. රජයේ මුදල් වංචාවන් සදහා අමාත්‍යවරුන් පොළඹවන හා උදව් උපකාර කරන රජයේ නිළධාරීන්ටද අධිකරණ ක්‍රියා මාර්ග ගත යුතුමය. රාජ්‍ය පාලනය දූෂණයෙන් හා වංචාවෙන් තොර වන්නේ එවිටය.

නීතිඥ ඒ.පී.ඒ .ගුණසේකර හට රාජ්‍ය පරිපාලන සේවයේ පත් වීම ලැබුණ විට ඔහුගේ පියා ඔහුට දුන් උපදේශය ඔහුගේ වෘත්තීය ජීවිතය ශක්තිමත් කරන ලද බව පැහැදිලිය. එහෙත් වර්තමානයේ රාජ්‍ය පරිපාලන සේවයේ ඉහළ ඇවරියේ බොහෝ දෙනෙකුගේ දූෂිත කෙරුවාව පිළිබඳව ඇසෙන විට ඔවු⁣න් ⁣ මෙලොවට ජාතක කළ කරුමක්කාර පීතෘත්වයත් අප කේන්ති ගස්සන තරමේය.

හොයාගෙන කියවිය යුතු හොරොව්පතානේ පළවෙනි ඩීආර්ඕ කෘතිය…
Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මිය ගිය වන අලියෙකුගේ සිරුරක් දින 08ක් තිස්සේ සිංහපුර වෙල් යායක… වන ජීවියට කිව්වට වගේ වගක් නෑ!

Next Post

එරියාව හරි පුදුම ශිෂ්‍යත්ව ඉස්කෝලේ අලි වැටට එපිටින් ඇත් පොරයක්…. ( වීඩියෝ සහිතයි) 

Related Posts

bus-fare- sri_lanka_buses
පුවත්

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026
පුවත්

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026
පුවත්

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
bus-fare- sri_lanka_buses

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026

කොදෙව්වන්ට එරෙහි පළමු ටෙස්ට් තරගයේ මුල් ඉනිම  ධනංජයගේ ශතකයෙන් ගොඩ ගිය හැටි!  

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…
  • දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!
  • කොදෙව්වන්ට එරෙහි පළමු ටෙස්ට් තරගයේ මුල් ඉනිම  ධනංජයගේ ශතකයෙන් ගොඩ ගිය හැටි!  

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.