එරියාව හරි පුදුම ඉස්කෝලේ ගැන දැන් රටේ නොදන්නා කෙනෙක් නැත. වාර්තාගත ලෙස රටේ හොඳම ශිෂ්‍යත්ව ප්‍රතිඵලය අවුරුදු කීපයක වාර්තා කර දුන් එරියාව ඉස්කෝලේ තියෙන්නේ මහව අධ්‍යාපන කලාපයේ අලි ගහන කැලේ මැදය. ඉස්කෝලය වට වෙන්නේ තාප්පයකින් නොව අලි වැටකිනි.

ඊයේ ඉස්කෝල නිවාඩුය. ඊයේ සිට අද උදෑසන සිට එරියාව ඉස්කෝලය ඇත් පන්තියකින් වටකරගෙනය. දළ ඇත්තු දෙන්නෙක් ඉස්කෝලය ලඟ පොරයකය. මේ ඇත් පොරය විරලය. බොහෝ විට එක් ඇතෙකුගේ මරණය වනතුරු මේ ඇත් පොරය නිමා වන්නේ නැත. මේ ඒ ඇත් පොරය පාසල් භූමියේ සිට වීඩියෝ කළ දසුන්ය.
අම්මලා තාත්තාතලා අද එරියාව ඉස්කෝලය අලි රංචුවක් වට කරගෙන ඇති බව දන්නේ නැත. උදේ එක අම්මා කෙනෙක් කතා කර කියන්නේ ඊයේ පැමිණ සිටි අලි රංචුව අද උදේ වනවිටත් එරියාව ඉස්කෝලය වටකරගෙන සිටින බවය.
අම්මලා තාත්තාලා එක්ව වනජීවියට එක දිගට කෝල් කර ගෙන්වා ගෙන අද උදේ අලි රංචුව ඉවත් කළේය. ළමයි පාසලට ආවේ අලි පැන්නූ පසුය. ලංකාවේ හොඳම ශිෂ්‍යත්ව ප්‍රතිපළ දෙන අලි කැලේ එරියාව ඉස්කෝලයේ සිට ගම්මු දුටු අලි කෙළිය මෙසේය.







