-
අනතුරු සිදුවන ආකාරය බලන් ඉන්න බැරිව ඬේරමුල්ල දුම්රිය හරස් පාරේ ආරක්ෂක ගේට්ටුව හදාගන්න ප්‍රදේශවාසීන් අවසර ඉල්ලූ පසු ලක්ෂ 89ක අධීක්ෂණ සහ ශ්‍රම කුලී ඒක්ක එක් කෝටි හැත්තෑ අට ලක්ෂයක ඇස්තමේන්තුවක් දුම්රිය දෙපාර්තමේන්තුවෙන් ඒවලා….
අද (09) දිනයේත් එඬේරමුල්ල දුම්රිය හරස් මාර්ගයේදී ත්‍රිරෝද රථයක් දුම්රියක ගැටිනි. අනතුරින් ත්‍රී රෝද රථ රියදුරා තුවාල ලැබුවේය. ඔහු දැන් රාගම ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමිනි.
ඊයේ උදෑසන ද මේ ස්ථානයේ අනතුරක් සිදුවුයේය. මෝටර් රථයක් දුම්රිය හරස් මාර්ගයේ දී අනතුරට ලක්ව දෙපැත්තෙන් පැමිණි දුම්රිය දෙකක ඒක් අවස්ථාවේ ගැටුනේ ය. කාන්තාවක් සහ මැදිවියේ පිරිමියෙක් ඒතැනම මිය ගියේය.
මේ දුම්රිය හරස් මාර්ගය තියෙන්නේ වංගුවක් ස්වරූපයකින්. ඒ් නිසාම දුම්රිය සංඥා කුළුණ මනාව පෙනෙන්නේ මේ මාර්ගය හරහා එන වාහනවලින් ඒක පැත්තක වාහන වලට පමණක් බව ප්‍රදේශ වාසීන් කීවේ ඊයේ දිනයේ ය. මේ අනතුරු දායක ස්වරූපය නිසා මාර්ගය ගැන අවබෝධයක් රහිත රියදුරන් සැලකිය යුතු ප්‍රමාණයක් මෙම දුම්රිය හරස් මාර්ගයේ දී අනතුරට ලක් වී තිබිණි.

ඒ් හේතුවෙන්ම ප්‍රදේශවාසීහු ස්වකීය වියදමින් මෙම හරස් මාර්ගයට ආරක්ෂක ගේට්ටුවක් සවි කිරීමට කථිකා කරගෙන ඒ් සම්බන්ධව දුම්රිය දෙපාර්තමේන්තුවට දැන්වූහ. අනතුරුව තමන් විඳි අත්දැකීම ගැන ප්‍රදේශවාසී තරුණයෙක් මාධ්‍යයට අදහස් දැක්වූයේය. එම සංවාදය නිව්ස් ෆස්ට්හි ඊයේ විකාශය විය.
ඒ් කතාව මෙසේය.
” අපි ඉල්ලීමක් කළා අඩුම වශයෙන් අප මේ පෞද්ගලිකව අපේ වියදමින් හරි දුම්රිය ආරක්ෂක ගේට්ටුවක් හදන එක අපි කරන්නම් කියලා. අපි එහෙම ඉල්ලීමක් කළාම දුම්රිය දෙපාර්තමේන්තුවෙන් අපට එක් කෝටි හැත්තෑ අට ලක්ෂයක ඇස්තමේන්තුවක් ලබා දුන්නා.”
“ඉතාමත්ම කණගාටු දායක කාරණය තමයි මේ එක් කෝටි හැත්තෑ අට ලක්ෂයක ඇස්තමේන්තුවෙන් ලක්ෂ අසූ නවයක්ම ඔවුන්ගේ කම්කරුවන් සහ ඔවුන්ගේ අධීක්ෂණ කටයුතු සඳහා තමයි වෙන් කරලා තිබ්බේ.”
“ඊට අමතරව ලක්ෂ 28ක් ඔවුන් ඇස්තමේන්තුගත කරලා තිබ්බේ බදු වශයෙන්. ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් තුමා එක්කත් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළා. එතුමත් හැමදා කල් දමමින් හිටියා. අප ඉල්ලා සිටිනවා තවත් ජීවිත මේ ස්ථානයේ නැතිවෙන්න කලින් මේ ස්ථානය සකස් කරලා ලබා දෙන්න කියලා. ”
ඔහු මේ කතාව කීවේ ඊයේය. අද තවත් එකෙක් දුම්රිය හරස් මාර්ගයේ අනතුරට ලක් වී ඇත. දුම්රිය දෙපාර්තමේන්තුවේ ලොක්කන්ට තවමත් නින්ද යනවා දැයි නොදනිමු.







