අලුත් දේශපාලන ගමනක් සඳහා සමගි ජන බලවේගය සමග එක්වන ලෙස එහි නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හිටපු කතානායක කථානායක දේශබන්දු කරු ජයසූරිය මහතාට ආරාධනා කර ඇත.
කරු ජයසූරිය මහතාට එක්සත් ජාතික පක්ෂ නායකත්වයට පත්වීමට පක්ෂ ව්‍යවස්ථාවෙන් ඉඩක් නැති බව පසුගියදා පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී ප්‍රකාශ කිරීමෙන් පසු ජයසූරිය මහතා සහ සජිත් ප්‍රේමදාස මහතා අතර පැවති සාකච්ඡාවක දී මෙම ආරාධනාව කර තිබේ.
රටේ ප්‍රජාතන්ත්‍රවාදය මෙන්ම එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් කරු ජයසූරිය මහතා සිදුකර තිබෙන සේවය පෙන්වාදෙමින් එය මෙහිදී ඇගයීමකට ලක්කර ඇති සජිත් ප්‍රේමදාස මහතා එවැනි කැපවීම් කළ අයගේ වටිනාකම වත්මන් එජාප නායකයින්ට හඳුනාගැනීමට නොහැකිවීම කණගාටුවට කරුණක් බව පවසා ඇත.
කරු ජයසූරිය ජයසුරිය මහතා එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් සිදුකළ සේවය වර්තමාන නායකයින්ට අමතක වුවත් එය සැබෑ යූඑන්පී සාමාජිකයන් හඳුනන බැවින් ජයසූරිය මහතාගේ හැකියාව, දක්ෂතාව සමගි ජනබලවේගයේ ඉදිරි ගමන ශක්තිමත් කිරීම සඳහා යොදවන ලෙස ද සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී ඉල්ලා තිබේ.
සජිත් ප්‍රේමදාස මහතා සිදුකළ ආරාධනාව සම්බන්ධව කිසිදු ප්‍රතිචාරයක් මෙතෙක් කරු ජයසූරිය මහතා විසින් දන්වා නැති අතර ඒ පිළිබඳ එතුමාගේ ප්‍රතිචාරය ලැබෙන තෙක් සමගි ජන බලවේගය බලාසිටින බවත් එවැනි දක්ෂයින් රැසක් ඉදිරියේදී සමගි ජන බලවේගය සමඟ එක්වීමට මේ වන විටත් කැමැත්ත පළකර තිබෙන බවත් එහි ප්‍රකාශකයෙක් ලංකාසරට පැවසීය.







