ඩුබායි සිට පැමිණ වව්නියාව නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායනය අවසන් කර නිවසට ගොස් සිටි කාන්තාවකට නව කොරෝනා වැරදී ඇතැයි තහවුරු වී තිබේ.
ඇය ලංකාවට පැමිණ ඇත්තේ ජූලි 31 වැනිදායි.
ආරච්චිකට්ටුව ප්‍රදේශයේ පදිංචි ඇයගේ ආශ්‍රිතයන් සියලුම දෙනා මේ වන විට නිරෝධායනයට යොමු කරතැයි වාර්තා වේ.
හුස්ම ගැනීමේ අපහසුතාවක් හේතුවෙන් රෝහල් ගත කරන ලද ඇය නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි PCR පරීක්ෂණයෙන් තහවුරු වී තිබේ.
පසුව ඇය කොළඹ IDH රෝහල වෙත ඇතුළත් කර ඇත.







