ආපදා තත්ත්වයෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් බෝතල් කළ ජලය, කූඩාරම්, බ්ලැන්කට්, මෙට්ට, ඉවුම් පිහුම් උපකරණ සහ සනීපාරක්ෂක ද්‍රව්‍ය තොගයක් රැගත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගුවන් හමුදාවට අයත් C – 17 වර්ගයේ දෙවැනි ගුවන් යානය අද (.02 ) දින පස්වරුවේ මෙරට ළඟා විය.
මෙම පරිත්‍යාගයන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහන කණ්ඩායමේ ප්‍රධානී ආචාර්ය හමූද් අල් අෆාරි විසින් නිල වශයෙන් භාර දෙන ලද අතර එය භාර ගැනීම සදහා ශ්‍රී ලංකාව වෙනුවෙන් කම්කරු අමාත්‍ය සහ මුදල් හා සැලසුම් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක සහ වරාය හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු සහභාගි විය.
පළමු මානුෂීය ආධාර තොගය අද අළුයම මෙරටට පැමිණි අතර මෙය එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් පරිත්‍යාග කරන ලද දෙවන මානුෂීය ආධාර තොගයයි.







