පාර්ලිමේන්තු ප්‍රවේශ මාර්ගයේ සාමකාමීව තියුණු උද්ඝෝෂණයක යෙදුණු ශිෂ්‍ය ක්‍රියාකාරිකයෝ සාමකාමීව විසිර ගියහ.
මෙහි දී දැකගත හැකි වුණු වැදගත්ම සිද්ධිය වන්නේ උසස් පොලිස් නිලධාරීන් හා ක්‍රියාකාරී ශිෂ්‍ය උද්ඝෝෂකයන් අතර ඇති වී තිබුණු සංවාදයයි.
පොලිසියේ උසස් නිලධාරීන් කිහිප දෙනෙක් ඉතාම සංයමයකින් ශිෂ්‍යයින් හා ගනුදෙණු කිරීමට පෙරට පැමිණ තිබිණි. ආවේගශීලී නොවී බුද්ධිමය ප්‍රවේශයකින් ශිෂ්‍ය උද්ඝෝෂකයින් පොලිසිය සමග සංවාදයක නිරතවනු දක්නට ලැබිණි.
ශිෂ්‍යයන් කීවේ අපේ වයසේ ඔබේ දරුවන් වෙනුවෙන් අප මහ මගට පැමිණ ඇති බවය. යෝශිත රාජපක්ෂ වැනි තමන්ගේ වයසේ තරුණයින් කළ හොරකම්වල ප්‍රතිඵල ලෙස තමන් පාරට වැටී ඇති ආකාරය දක්වමින් ශිෂ්‍ය නායකයෝ කතා කළහ.
එහෙනම් කොල්ලො අපි ගියා… උද්ඝෝෂණය නිමා කළ තරුණයෝ පොලිසියට කීහ. යළිත් එන බව පැවසූහ.







