සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

උතුරේ ජනතාව ද දකුණේ ජාති භේද නැති අරගල හා එක්වීමට සූදානම් – ශිවාජිලිංගම්

by editor
අප්‍රේල් 12, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

රජය ඔවුන්ගේ දරදඩු ප්‍රතිපත්තිය වෙනස් නොකොට ජනතාවගේ ප්‍රශ්න වලට ඇහුම් කන් නොදෙන්නේ නම් සියලුම දෙමළ දේශපාලන පක්ෂවල සහය ලබා ගෙන දෙමළ ජනයා සමග පාරට බැස දකුණේ  සිංහල දෙමළ මුස්ලිම් ජනතාව එක්ව දියත් කළ ජන අරගලයට සහාය පලකරමින් විරෝධතා ව්‍යාපාරයක් දියත්  දක්වන බව  දෙමළ ජනතා සන්ධානයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ ශිවාජිලිංගම් ඊයේ (11) යාපනයේදී පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ යාපනය මාධ්‍ය සමාජ ශාලාවේ පැවති මාධ්‍ය හමුවකදීය.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම දූෂණය නාස්තිය පිටු දැකීම හා මහජනයාගේ ප්‍රශ්න වලට කඩිනමින් සහන සලසා දීම යන කාරණා වලදී කොන්දේසි විරහිතව දෙමළ දේශපාලනඥයින්  සහභාගී කාරවා ගන්නා ඕනෑම පිරිසකට තම පක්ෂයේ සහය ලබා දෙන බවද මහ ලේකම්වරයා කියා සිටියේය.

දෙමළ ජනතා සන්ධානය යන ඒ ගමනට අනෙක් සියලු දෙමළ දේශපාලන පක්ෂවල සහය ලබා ගැනීම  ඉතා පහසු  බව කී ශිවාජිලිංගම් හිටපු මන්ත්‍රීවරයා  දැනට රටපුරා සිංහල දෙමළ හා මුස්ලිම් ජනතාව අරගල කරන්නේ  ජාති භේදයකින්  තොරව බව ද කීවේය.  එම අරගලයට  දෙමළ ජනතාවට එකතුව සහය දැක්විය හැකි බවද ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගෙන ඒමට දේශපාලන පක්ෂ කීපයක් එක්ව කටයුතු කරණ බව කී හිටපු මන්ත්‍රීවරයා මේ අවස්ථාවේදී දෙමළ දේශපාලන පක්ෂවල මූලික අරමුණ විය යුත්තේද එයම බව කියා සිටියේය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

තම පක්ෂය ජනාධිපතිවරයාට හෝ රජයට කිසිම විරුද්ධත්වයක් නැතත් මේ කාලවකවානුවේදී ජනතාව පීඩාවට පත් කිරීම සම්බන්ධයෙන් දැඩි මතවාදයක් හා විරෝධයක් රජයට හා ජනාධිපතිවරයාට එරෙහිව ඇති බවද සඳහන් කළේය.

දකුණේ ජනතාව ගෙන යන  අරගලයට සමාන අන්දමට අරගලයක් දෙමළ ජනතාව විසින්ද ගෙන යායුතු බව කී ඔහු එහිදී ඉදිරිපත් කෙරෙන අන්තර් වාර පාලන ක්‍රමයට උතුරු නැගෙනහිර දෙමළ ජනතාව සම්බන්ධයෙන්ද පිළිගත හැකි විසඳුමක් ඇතුළත් වියයුතු බවද පැවසීය.

මේ රටේ ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුමක් ලබා නොදෙන තුරු දෙමළ ජනයාගේ අරගලය නිමා නොවන බවත් ඒ අරගලයන්වල වාසිය දකුණේ  ජනතාවටද ලැබෙන බවත් කී සිවාජිලිංගම් හිටපු මන්ත්‍රීවරයා ජාතීන් අතර සංහිදියාවක් ඇති කිරීමට නම් දෙමළ ජනතාවගේ ප්‍රශ්නයට අනිවාර්යෙන්ම සාධාරණ පිළිතුරක් ලබා දිය යුතු ව ඇතැයිද කියා සිටියේය.

රටේ දැවෙන ප්‍රශ්න වලට විසදුම් ලබා නොදී රට තුළ පැහැදිලි ආර්ථික ස්ථාවරයක් ඇති කොට රට දියුණු කිරීමට හැකි බව යමෙක් සිතන්නේ නම් එය මහා අනුවන ක්‍රියාවක් බව පෙන්වා දුන් හෙතෙම සියලු ජාතීන්ගේ  සහයක් නොමැතිව රටක් ආර්ථික වශයෙන් දියුණුවට පත් කළ නොහැකි බවද මෙහිදී වැඩි දුරටත් කියා සිටියේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

විශ්වාසය කඩ කළ දෙකේ කොලේට වැටුණු ගෝටාබය එක්ක යලි සාකච්ඡා නෑ… ශ්‍රී.ල.නි.ප.ය ජනපති හමුව වර්ජනය කරයි…

Next Post

වෙන්දේසිය ක්‍රියාත්මකයි… ඔළුවකට කෝටි 100යි… ආණ්ඩුවේ ඇමතිවරු දෙදෙනෙක් මෙහෙයුම කරට ගනී…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.