දිනසේන රතුගමගේ –
ශ්රී ලංකාවේ උතුරු නැගෙනහිර ප්රශ්නයට විසදුමක් ලබා ගැනීම සදහා දෙමළ ජාතික සන්ධානය හා තවත් දෙමළ දේශපාලන පක්ෂ තුනක නියෝජිතයින් ලබන මාසයේ දී නවදිල්ලියට යාමට තීරණය කොට තිබේ.
ජනාධිපතිවරයාද ඉන්දියාවේ නිල සංචාරයක නිරත වන බව ප්රකාශක කරන දෙමළ ජාතික සන්ධනය තම නියෝජිතයින් ඊට පෙර නවදිල්ලි නුවරට යන බවද සඳහන් කරයි.
නවදිල්ලියේදී ඉන්දීය අග්රාමාත්යවරයා හා තවත් රාජ්ය නායකයින් කීප දෙනෙකු හමු වී ශ්රී ලංකාවේ උතුරු නැගෙනහිර අර්බූදයට විසඳුමක් ඉල්ලා සිටින බව දෙමළ ජාතික සන්ධානයේ මන්ත්රීවරු ප්රකාශකර සිටිති.
මින් පෙර අවස්ථාවක දෙමළ ජාතික සන්ධානය ඉන්දීය අග්රාමාත්යවරයා හමු වීමට අපේක්ෂා කළ නමුත් එම සංචාරය අවලංගු කිරීමට සිදු වූ බව ද දෙමළ ජාතික සන්ධානය වැඩි දුරටත් කියා සිටියි.







