පසුගිය 07 වැනිදා ඊශ්‍රායලයේ දී හමාස් තුවක්කු කරුවන් විසින් ඝාතනය කළ ශ්‍රි ලාංකික සාත්තු සේවිකා අනුලා ජයතිලකගේ දේහය ඥාතීන් විසින් හඳුනාගෙන තිබේ.
ඊශ්‍රාලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර සඳහන් කළේ ඊශ්‍රායලයේ Petah Tikva හිදී මේ හඳුනාගැනීම සිදුකර ඇති බවය.
මේ මස දෙවැනි සතියේ මුල් භාගයේ 7Th News වෙබ් අඩවියේ පලවුන වීඩියෝවක් අනුව අනුලා ජයතිලක ජීවතුන් අතර සිටින බවට ඇයගේ පවුලේ අය විශ්වාස කළහ.
කෙසේ වෙතත් පසුගිය 17 වැනිදා ඇය මිය ගිය බව ඊශ්‍රයාල රජය තහවුරු කළ අතර පවුලේ අය අතර ඇති වූ සැකය හේතුවෙන් ඩී.එන්.ඒ පරික්ෂණයක් සඳහා ඊශ්‍රයාල් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කටයුතු සංවිධානය කළේය.
මේ අතර පවුලේ අය විසින අනුලා ජයතිලකගේ දේහය හඳුනාගෙන ඇත.







