බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඊයේ අලගල්ලේ බස් රථ අනතුරින් තුවාල ලැබු පිරිස 38ක්…

by editor
මැයි 13, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ඊයේ කුළුගම්මන කුරුඳුගහමඩ ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට විසිවී වංගුවකින් පහළට ඇදවැටී සිදුවූ බස් රථ අනතුරින් පුද්ගලයින් 38 දෙනෙක් තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි.

කුරුණෑගල ගල්ගමුවේ සිට වන්දනා නඩයක් රැගත් මෙම බස් රථය වෙසක් පොහොය දා උදෑසන දළදා මාළිගාවට ගොස් වන්දනා කර අනතුරුව ගඩලාදෙණිය සහ ඇම්බැක්කේ පූජනීය ස්ථානයන් වැඳ පුදාගෙන නැවත කුරුණෑගල බලා පැමිණෙන ගමනේ දී බස් රථය මෙම අනතුරට ලක් වී තිබේ.

වෙසක් දිනයේ රාත්‍රියේ දී මහනුවරට එක්වන විශාල ජන ගඟ හේතුවෙන් ප්‍රධාන මාර්ග අවහිර වන නිසා පොලිසියේ උපදෙස් මත කුරුණෑගල පුත්තලම මාර්ගයට පිවිසීම සදහා ගන්නෝරුවේ දී හල්ලොලුව හරහා කටුගස්තොට මාර්ගයේ පැමිණ යටිගහල මාර්ගයෙන් බරිගම හල්ලොලුව මාර්ගය ඔස්සේ කුරුණෑගල පුත්තලම මාර්ගයට පිවිසීම සඳහා පැමිණි බව රියදුරු ප්‍රකාශ කර තිබේ.

මෙම පටු පාර ඔස්සේ පැමිණෙද්දී කුරුඳුගහමඩ ප්‍රදේශයේ දී මෙම අනතුර සිදුවී ඇත්තේ බස් රථයේ තිරිංගවල ඇති වූ දෝෂයක් නිසා බව ද රියදුරු පොලිසියට දන්වා ඇත. අනතුර සිදුවන අවස්ථාව වනවිට බස් රථයේ 39 දෙනෙක් ගමන් කර ඇති අතර ඉන් 38 දෙනෙක් තුවාල ලබා තිබේ. තුවාල ලැබූවන් අතර වයස අවුරුදු 15ට අඩු දරුවන් 05 දෙනෙක් සිටින බව පොලිසිය කියයි.

අනතුර සිදුවූ අවස්ථාවේ දී අනතුරට පත් පිරිස් මුදවා ගැනීම සඳහා මැදිහත් වී ඇත්තේ දන්සලකට සහභාගී වී යළි පැමිණෙන තරුණයින් පිරිසකි. ඔවුන් පවසා තිබුණේ සිද්ධිය පිළිබඳ පොලිසියට සහ 1990ට දැනුම් දීමෙන් පසු ඔවුන් එම ස්ථානයට පැමිනීමට අනතුර සිදුවී පැය එක හමාරක් පමණ ගතවූ බවය.

RelatedPosts

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජීවිත හානි වාර්තා නොවන අතර අත් පය බිඳි යෑමෙන් බරපතල ලෙස තුවාල ලද පිරිසක් තුවාල කරුවන් අතර සිටින බව වාර්තා වේ.

තුවාල ලද පුද්ගලයින් බරිගම, මහනුවර සහ පේරාදෙණිය රෝහල්වලට ඇතුළු කර තිබේ. ගැරඬිඇල්ල මාරක අනතුරින් මේ වනවිට තුවාල ලබා නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින පිරිස 54කි. ඊයේ 38ත් සමග එම බස් රථ දෙකේ අනතුරුවලින් පමණක් ප්‍රතිකාර ලබන පිරිස 92කි. වැලිමඩ අනතුරින් තුවාල ලැබූ පිරිසත් සමග දින හතරක් තුළ බස් රථ අනතුරුවලින් අනතුරට පත්ව තුවාල ලැබූ පුද්ගලයින් ගණන 115ක් ඉක්මවා ඇත. දැනට මරණ 23කි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

බිහිසුණු ගැරඬිඇල්ල අනතුර ගැන විමර්ශනයට අජිත් රෝහණගේ ප්‍රධානත්වයෙන් පොලිසියෙනුත් විමර්ශන කණ්ඩායමක්…

Next Post

දින 08ක් ප්‍රමාද වී නැවත ඇරඹෙන IPL අර්බුදයෙන් අර්බුදයට…

Related Posts

පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!
  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.