ඉකුත් 13 දා නේපාලයේ දී අත් අඩංගුවට ගත් අපරාධ කල්ලි සාමාජිකා ඉෂාරා සෙව්වන්දි ඇතුළු කණ්ඩායම දිවයිනට රැගෙන විත් තිබේ. .
ඇය ඇතුළු කණ්ඩායම ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් UL 182 දරන යානයෙන් කත්මණ්ඩු නුවර සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත අද (15) ප.ව. 6.52ට මෙරටට ළඟාවිය.
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන සංජීව කුමාර සමරරත්න හෙවත් ‘ගණේමුල්ල සංජීව’ ඝාතනයේ ප්‍රධාන සැකකාරියක ලෙස ඇය හඳුනාගෙන තිබිණි.
ඒ අනුව ඉදිරි විමර්ශන කටයුතු සඳහා ඉෂාර කොළඹ අපරාධ කොට්ඨාසය වෙත භාරදීමට නියමිතය.
එමෙන්ම සෙසු සැකකරුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය ඇතුළු අපරාධ කොට්ඨාසයන් වෙත භාරදීමට නියමිතව ඇත.







