බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉලන්චෙලියන්… මිනිස්සුන්ගේ නඩුකාර හාමුදුරුවො ඉල්ලලා විශ්‍රාම ගිහින්…

by editor
ජනවාරි 29, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

මහත් ආන්දෝලනාත්මක නඩු තීන්දු රැසක් ලබා දුන් වවුනියාව මහාධිකරණ විනිසුරු මානික්කවාසගම් ඉලන්චෙලියන් ස්ව කැමැත්තෙන්ම විශ්‍රාම ගොස් තිබේ.

ඔහුට තවත් වසර කීපයක් සේවය කිරීමට අවස්ථාව තිබියදී ඔහු විශ්‍රාම ගොස් ඇතත් ඊට බලපෑ හේතුන් පිළිබදව කිසිවක් මෙතෙක් ප්‍රකාශ කොට නොමැත.
නමුත් යාපනයේ ස්වේච්ඡා සංවිධාන කීපයක්ම විශේෂ පුවත්පත් සාකච්ඡාවක් පවත්වා අවධාරණය කොට සිටියේ රජයෙන් ඉලන්චෙලියන් විනිසුරුවරයාට සිදු වූ දැඩි අසාධාරණයක් හේතුවෙන් ඔහු දැඩි ලෙස කලකිරී සේවයෙන් විශ්‍රාම ගොස් ඇති බවයි.

ඉලන්චෙලියන් විනිසුරුවරයාට අභියාචනා අධිකරණයේ විනිසුරුවරයෙකු වශයෙන් සේවය කිරීමට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා සුදුසුකම් තිබියදිත් ඔහු ඊට ඉල්ලුම් කොට තිබියදීත් එම තනතුර ඔහු වෙත ලබාදීමට කිසිවෙකු හෝ මැදිහත් නොවීම නිසා ඔහු සිය සේවයෙන් ඉල්ලා විශ්‍රාම ගිය බව එම මාධ්‍ය හමුවේදී ප්‍රකාශ විණි.

වවුනියාවේ දිස්ත්‍රික් මහේස්ත්‍රාත්වරයා වශයෙන් ඔහු සේවය කරමින් සිටියදී ත්‍රිකුණාමලයේ මහාධිකරණ විනිසුරුවරයා වශයෙන් උසස්වීමක් ලද අතර ඉන් පසුව ඔහු යාපනයේ මහාධිකරණ විනිසුරුවරයා විය. එහිදී විද්‍යා දැරියගේ නඩු තීන්දුව ඇතුළු නඩු තීන්දු රැසක විනිශ්චය ලබාදුන් ඉලන්චෙලියන් විනිසුරුවරයා උතුරේ කල් පසු වූ අපරාධ නඩු විශාල ප්‍රමාණයක් ඉතා කඩිනමින් විමසා බැලීමටද පියවර ගෙන තිබුණි. යාපනයෙන් වවුනියාවේ මහාධිකරණ විනිසුරු ධූරයට පත් ඔහු මේ වන විට සිය විශ්‍රාම අයදුම් පත අධිකරණ සේවා කොමිසම වෙත යවා තිබේ.

ඉලන්චෙලියන් විනිසුරුවරයා මහාධිකරණ විනිසුරුවරයෙකු වශයෙන් සේවය කරමින් සිටියදී ලබා දී ඇති ආන්දෝලනාත්මක නඩු තීන්දු නිසා ඔහුගේ ජීවිතයට තර්ජන ගණනාවක්ම එල්ල වූ අතර යාපනයේ නල්ලූර් කෝවිල පාරදී ඔහුට පිස්තෝලකරුවකු විසින් වෙඩිතැබීමක්ද සිදු කළේය.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

විනිසුරුවරයා ඉලක්ක කරගෙන තැබූ වෙඩි පහරින් ඔහුගේ ආරක්ෂාවට සිටි පොලිස් සැරයන්වරයා මියගිය අතර මේ වන විටත් ඔහුගේ පවුලේ උදවියගේ බොහෝ වියදම් දරණු ලබන්නේ ඉලන්චෙලියන් විනිසුරුවරයා විසිනි.

ඉලන්චෙලියන් විනිසුරුවරයා යාපනයේ වේලනෙයි ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර අධ්‍යාපනය හදාරා නීති විද්‍යාලයට අතුළත් වී ඇත්තේද යාපනය දිස්ත්‍රික්කයෙනි.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

නිලධාරීන්ට ඇඳගෙන සෞඛ්‍ය ඇමති ඇනගන්න හදන හැටි GMOA කියයි!

Next Post

ජනපති අනුර යාපනයට යන දවසට උතුරේ රැකියා විරහිත උපාධිධාරීහු දැවැන්ත උද්ඝෝෂණයකට සැරසෙති!

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.