ඉන්දීය විදේශ අමාත්‍ය එස්.ජෙයිශංකර් ඇතුළු දූත පිරිසක් අද (22) පස් වරුවේ මෙරටට පැමිණීමට නියමිතව තිබේ.
ආපදා තත්ත්වයෙන් රට මුදවා ගැනීමේ ක්‍රියාවලියට අවශ්‍ය සහයෝගය ලබා දිය හැකි ආකාරය සම්බන්ධව වැඩි දුරටත් සාකච්ඡා කිරීම ජෙයශංකර්ගේ සංචාරයේ අරමුණ වී තිබේ.
මෙරට විපතට පත් ජනතාව වෙනුවෙන් ඉන්දීය සහන පැකේජයක් ලබා දී අපදාවෙන් පීඩිත ජනතාවට සහන සැපයීමට ඉන්දියාව දියත් කළ සාගර් බන්ධු මෙහෙයුමේ තවත් පියවරක් සම්පූර්ණ කිරීම ඉන්දීය විදේශ අමාත්‍යවරයාගේ ගමනේ මුඛ්‍ය අරමුණ බව රජය පවසයි.







