දිනසේන රතුගමගේ
ඉන්දියාවේ ධීවර කටයුතු හා සත්ත්ව නිෂ්පාදන කටයුතු පිළිබද රාජ්‍ය අමාත්‍ය එල්.මුරුගන් මහතා ඇතුළු ඉහල පෙලේ නිලධාරීන් පිරිසක් ඊයේ 9 දා යාපනය අන්තර්ජාතික ගුවන් තොටුපලින් යාපනය වෙත පැමිණියහ.
ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා විසින් මේ පිරිස පිළිගත් අතර මේ අවස්ථාවට යාපනයේ සිටින ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් රකේෂ් නර්ටාජ් මහතා ඇතුලු තවත් පිරිසක්ද එක්ව සිටියහ.
ශ්‍රී ලංකාවේ ධීවර කටයුතු හා සත්ත්ව නිෂ්පාදන හා කෘෂිකාර්මික කටයුතු පිළිබදවද නිලධාරීන් සමග මේ ඉන්දීය දූත පිරිස සාකච්ඡා කිරීමට නියමිතය.
ඉන්දීය රාජ්‍ය අමාත්‍යවරයා අතින් ඉන්දීය ආධාර මත රුපියල් කෝටි සීයක මුදලකින් යාපනයේ ඉදි කළ සංස්කෘතික මධ්‍යස්ථානය බාර දීමද උතුරේ අඩු ආදායම්ලාභීන් පිරිසකට ඉන්දීය ආධාර මත වියලි ආහාර ද්‍රව්‍ය ලබා දීමක්ද සිදු වෙයි.










