ඉන්දු චීන දේශ සීමා ආසන්නයේ පිහිටි පැන්ගොන්ග් විල ආසන්නයේ පාලමක් ඉදිකිරීමට චීනය පියවරගෙන ඇති බවත් මේවන විට ඊට යාබදව සංඥා කුළුණක්ද ඉදිකිර ඇති බවද වාරතාවේ.
පැන්ගොන්ග් විලේ ඉන්දීය පාලන ප්‍රදේශයේ කවුන්සිල්වරයා ප්‍රකාශ කිරි සිටින්නේ චීනය විසින් ඉන්දීය දේශ සීමාවට ඉතාම ආසන්නයෙන් සංඥා කුළුණු කිහිපයක්ම ඉදිකර ඇති බවයි.
ඔහු එහිදී පෙන්වා දී ඇත්තේ චීනය විසින් මෙම සංඥා කුළුණු ඉන්දීය ප්‍රදේශයේ කටයුතු නිරීක්ෂණයට යොදා ගැනීමට බොහෝ ඉඩ ඇති බවත්ය.
‟ඉන්දීය පාලන ප්‍රදේශයේ තිබෙන ගම්මාන 12න් 11කටම 4ජී පහසුකම් නැහැ. අපි ඒක සුළුකොට තකන්න බැහැ. අපි ඇත්තමට සන්නිවේදනය පහසුකම් සම්බන්ධයෙන් ඉතාම පහළ මට්ටමකයි සිටින්නේ. අපිට අපේ පැත්තේ තිබෙන්නේ එක දුරකථන කුළුණක් විතරයි. ඒත් ඔවුන්ට කුළුණු 9ක් තිබෙනවා.” යනුවෙන්ද ඔහු ප්‍රකාශ කර තිබේ.
කාලය සිට ලඩක් ප්‍රදේශයේ දේශසීමා සම්බන්ධයෙන් ඉන්දියාව සහ චීනය අතර මතභේදාත්මක තත්ත්වයක් පැවතිණි. 1962 සිට චීනය විසින් පැන්ගොන්ග් විල අවට භූමිය බලහත්කාරයේ සිය පාලනයට නතුකරගෙන සිටින අතර එම ප්‍රදේශයේ විශාල වශයෙන් හමුදාමය කටයුතුද සිදු කරණ අයුරු දැක ගැනීමට හැකියාව පවතී.
මේ සම්බන්ධයෙන් සාක්ඡා 15ක් පමණ දෙරට පවත්වා තිබුණද චීනය තවමත් මෙම ප්‍රදේශයේ සිය බලය පවත්වගෙන යාමට පියවරගෙන ඇත. මීට අමතරව පසුගිය කාලය පුරාම චීනය ඉන්දියාවට ආසන්න දේශසීමා ප්‍රදේශ වල විවිධ ක්‍රියාකාරකම් සිදුකරන අයුරු වාර්තා විය.







