ඉන්දියානු ගොවීන්, වත්මන් වපුරන සමය ආරම්භ ඔක්තෝම්බර් 1 දා සිට, හෙක්ටයාර් මිලියන 15.3 ක තිරිඟු වගා කර ඇති අතර, වාර්තාගත ඉහළ මිලක් සමඟින් වගා කිරීමට දිරිමත් කර ඇති බැවින් එය මින් වසරකට පෙර සිට 11කට ආසන්න වර්ධනයක් පෙන්නුම් කරන බව රජයේ දත්ත පෙන්වා දෙයි.
ශීත සෘතුවේ වපුරන ලද ලද ප්‍රධාන තෙල් බීජය වන ‘රේප්සීඩ්’ වගාවේ අක්කර ප්‍රමාණය නොවැම්බර් 25 වන විට හෙක්ටයාර 7.1දක්වා වැඩි කර ඇති අතර එය පසුගිය වසරේ වගා කළ හෙක්ටයාර මිලියන 6.2ට වඩා වැඩි ප්‍රමාණයක් බව කෘෂිකර්ම හා ගොවීන්ගේ සුබසාධන අමාත්‍යංශය සිය දත්ත යාවත්කාලීන කරමින් පවසා ඇතැයි ‘ද ඉකොනොමික් ටයිම්ස්’ වෙබ් අඩවිය පවසයි.
ඔක්තෝබර් හා නොවැම්බර් මාසවල ඇති වූ පශ්චාත් මෝසම් වර්ෂාව නිසා පාංශූ තෙතමන මට්ටම ඉහළ ගිය අතර ප්‍රධාන ශීත භෝගය වන තිරිඟු වගාව ගොවීන්ට වැඩි ප්‍රමාණයකට ගෙන යෑමට හැකියාව ලැබී ඇතැයි වගාකරුවන් සඳහන් කරති.
රුසියාව, තිරිඟු අපනයනය කරන යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසුව, ලෝකයේ දෙවන විශාලතම ධාන්‍ය නිෂ්පාදකයා සේම දෙවන විශාලතම තිරිඟු පාරිභෝගිකයා වන ඉන්දියාව, විදේශයන්හි නැව්ගත කිරීම්වල තියුණු වැඩිවීමක් ලෙස අපනයනය තහනම් කළේය. මේ වන විට ඉන්දියාවේ, ප්‍රධාන ආහාරය අපනයනය සඳහා වූ තහනම ඉවත් කිරීමට සළකා බලමින් සිටියි.







