අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්දියාව පළමුවරට ගුවන් යානා ගෙන යන නෞකාවක් හදයි !

by Lanka Sara Editor
සැප්තැම්බර් 2, 2022 - Updated on සැප්තැම්බර් 3, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ඉන්දියාව විසින් දේශීයව නිපදවන ලද පළමු ගුවන් යානා ප්‍රවාහන නෞකාව වන INS වික්‍රාන්ත් නෞකාව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර සිං මෝදි විසින් ඊයේ (02)  එළි දක්වන ලදී.

ඉන්දියානු නාවික හමුදාවේ අනෙක් ගුවන් යානා ප්‍රවාහන නෞකාව වන INS වික්‍රමාධිත්‍ය නෞකාව 2016 ජනවාරි මාසයේදී කොළඹට පැමිණි අතර එය ශ්‍රී ලාංකික පුරවැසියන් අතර මහත් උනන්දුවක් ඇති කිරීමට සමත් විය. එසේම එම සංචාරය දෙරට අතර මිත්‍රත්වයේ බැ‍‍දීම් ශක්තිමත් කිරීමට ද ඉවහල් විය. ශ්‍රී ලංකාව සමඟ ඉන්දියාවේ සමුද්‍රීය සහයෝගීතාවය ඉදිරියට ගෙන යමින් ඉන්දියාව විසින් 75 වන නිදහස් දින සංවත්සරය යෙදුණු 2022 අගෝස්තු මස 15 වන දින ඩෝනියර් සමුද්‍රීය ගුවන් යානයක් ශ්‍රී ලංකාගුවන් හමුදාවට තිළිණ කරන ලදී. එම ඩෝනියර් ගුවන් යානය කලාපයේ සමුද්‍රීය ආරක්ෂාව උදෙසා ශ්‍රී ලංකාවේ ප්‍රයත්නයන් තවදුරටත් ඉහළ නංවනු ඇත.

ටොන් 45,000ක දේශීයව නිපදවන ලද පළමු ගුවන් යානා ප්‍රවාහන නෞකාව වන INS වික්‍රාන්ත් නෞකාව එළි දැක්වීම මගින් මුහුදේ මෙහෙයවනු ලබන උසස්ම සහ අතිශය සංකීර්ණ නෞකාව වන ගුවන් යානා ප්‍රවාහන නෞකාවන් නිර්මාණය කිරීම, ගොඩනැගීම සහ මෙහෙයවීම සම්බන්ධයෙන් ඉන්දියාව තබා ඇති දැවැන්ත පිම්ම ප්‍රදර්ශනය වේ. මීටර 262ක් දිග මෙම නෞකාවට පැයට නාවික සැතපුම් 28ක උපරිම වේගයකින් යාත්‍රා කළ හැක. මෙම නෞකාවට දේශීයව නිපදවන ලද  Light Combat Aircraft (LCA) සහ Advanced Light Helicopter (ALH) ඇතුළු ගුවන් යානා සහ හෙලිකොප්ටර් 30කට වැඩි ප්‍රමාණයක් රැගෙන යා හැකිය.

 

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ඉන්දීය නාවික හමුදාව දේශීයව නිපදවන ලද ALH ගුවන් යානයෙන් ඩෙක් ලෑන්ඩින් පුහුණුසහ Co-pilot අත්දැකීම් ලබා දීම සහ 2022 මාර්තු මාසයේදී ශ්‍රී ලංකා ගුවන් හමුදා සහ නාවික හමුදා සාමාජිකයන් ස‍‍ඳහා INSතරංගිනි යාත්‍රා පුහුණු අත්දැකීම් ලබා දීමවැනි විවිධ අන්තර්ක්‍රියා හරහා ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ ක්‍රියාකාරීව සම්බන්ධ වී ඇත. ඉන්දියානු රජයේ “අසල්වැසියා ප්‍රථමයෙන්” යන ප්‍රතිපත්තිය අනුව එම නෞකා සහ යානයන් හි ප්‍රශස්ත මෙහෙයුම් තත්ත්වය සහතික කිරීම සහ එ් හරහා කලාපයේ ආරක්ෂාව ඉහළ නැංවීම සඳහා  SLNS සාගර, SLCGසුරක්ෂා සහ AN 32 සඳහා ඉන්දීය රජය අමතර කොටස් ප්‍රදානය කරයි.

කොවිඩ්-19 වසංගතයට එරෙහි ශ්‍රී ලංකාවේ සටන ශක්තිමත් කිරීම ස‍ඳහා 2021 අගෝස්තු මාසයේදී ඉන්දීය නාවික හමුදාවේ ශක්ති නෞකාව ද්‍රව වෛද්‍ය ඔක්සිජන් ටොන් 100ක් රැගෙන විශාඛාපට්නම් සිට කොළඹට සේන්දු විය. තව ද 2022 අප්‍රේල් සහ ජූනි මාසයන්හි දී ශ්‍රී ලංකාවට කඩිනමින් වෛද්‍ය සැපයුම් භාරදීම සඳහා ඉන්දීය නාවික හමුදාවේ ඝාරියල් නෞකාව විශේෂයෙන් යොදවන ලදී. ඉන්දීය නිදහසේ 75 වන වසර නිමිත්තෙන් ඉන්දියානු රජයේ අනුග්‍රහය යටතේ ඉන්දියාවේ රාජ්‍ය නොවන සංවිධානයක් වන භග්වන් මහාවීර් වික්ලාංග් සහායත සමිතිය (BMVSS)විසින් ශ්‍රී ලංකාවේ ආබාධිත රණවිරුවන් සඳහා පවත්වන ලද කෘත්‍රිම පාද කඳවුරක් 2022 පෙබරවාරි – මාර්තු මාසයන් හිදි කොළඹ දී සහ යාපනයේ දී පැවැත්විණ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ළමා රෝහලේ ප්‍රතිජීවක ඖෂධ හිඟයක්… දරු පැටව් ජීවිතය ඉල්ලති…

Next Post

කෑගල්ල  සජබ කාර්යාලයේ වෙඩි වැදී  මිය ගිය  කාන්තාවගේ මරණය ඝාතනයක්?   

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.