මේ වන විට පාකිස්තානය මුහුණ දී සිටින ඉහළ උද්ධමනය පාලනය කිරීම සදහා ඉන්දියාව සමඟ වෙළෙඳ සබඳතා යළි ආරම්භ කරන ලෙස පාකිස්තානු ජාතික ව්‍යාපාරික සමූහය එරට ආණ්ඩුව වෙත අවධාරණය කර තිබේ.
පාකිස්තාන ජාතික ව්‍යාපාරික සමූහයේ සභාපති සහ හිටපු අමාත්‍යවරයෙකු වන මියාන් සහීඩ් හුසේන් පෙන්වා දී ඇත්තේ ඉන්දියාවෙන් අමුද්‍රව්‍ය සහ අනෙකුත් යෙදවුම් සෘජුවම ආනයනය කිරීම හරහා තම රටේ භාණ්ඩ නිෂ්පාදන පිරිවැය කැපී පෙනෙන ලෙස අඩු කර ගත හැකි බවයි.
දෙරට අතර වන වෙළෙද කටයුතු යළි ආරම්භ කිරීම හරහා පකිස්තානයේ අපනයන වෙළෙදපොල ද පුලුල් කර ගත හැකි බව ඔහු පෙන්වා දී තිබේ.
මේ හරහා පාකිස්තානයේ දැවෙන අර්බුදයක්ව පවතින උද්ධමනය අඩු වනු ඇති බවත් එය මේ මොහොතේ අත්‍යවශයම කටයුත්තක් බවත් පාකිස්තානු ජාතික ව්‍යාපාරික සමූහයේ සභාපතිවරයා පවසා ඇත.
ඉන්දියාව විසින් කාශ්මීරයට ලබාදී තිබූ විශේෂ පරිපාලනමය තත්වය අහෝසි කිරීමට විරෝධය පළකිරීමක් ලෙස එරට සමග දුම්රිය සහ ගොඩබිම් මාර්ග ඔස්සේ පවත්වාගෙන ගිය වෙළෙදාම පකිස්තානය විසින් 2019 වසරේ දී නවතා දමනු ලැබිණ.
මේ අනුව දෙරට අතර වන වෙළෙද කටයුතු සම්පූර්ණයෙන්ම පාහේ ඇණහිට ඇති අතර සුලු පරිමාණ වෙළෙදාමක් පමණක් එක්සත් අරාබි එමීර් රාජ්‍යය හරහා සිදුවන බව පැවසේ.