මේ මොහොතේ ජාතික ආණ්ඩුවක් හදනවාට වඩා වසර විස්සක් විසිපහක් අඛණ්ඩව ඉදිරියට ක්‍රියාත්මක කළ හැකි නොවෙනස් ජාතික ප්‍රතිපත්තියක් සකස් කරගැනීම සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන 225ම එක්ව කටයුතු කිරීම ඉතාම වැදගත් බව එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කියයි.
ඔහු මේ බව පවසා ඇත්තේ පාර්ලිමේන්තු සභාගැබ පිටත දී ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු ඔබතුමා අගමැති ධුරය බාරගන්වා නේදැයි ඔහුගෙන් කළ විමසීමක දීය.
හිටපු රනිල් වික්‍රමසිංහ ලඟදීම ජාතික ආණ්ඩුවක අගමැති ලෙස දිවුරුම් දෙන බව පසුගිය දිනවල පුළුල් ප්‍රචාරයක් දියත් විය. ඒ නිසාම ආණ්ඩු පක්ෂයේ මෙන්ම සමගි ජනබලවේගය ද ඇතුළත් විපක්ෂයේ මන්ත්‍රීවරු රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ දී මුණගැසුන සෑම අවස්ථාවකම විමසා ඇත්තේ “ඔබ තුමා අගමැති ධුරය භාරගන්නවා ද“ කියාය.
“මම අගමැති වුනොත් ඔයාලටත් ඇමති ධුර දෙනවා“ යැයි ඒ පිළිබඳව දිගින් දිගටම විමසීම් කළ ඇතැම් මන්ත්‍රීවරුන්ට රනිල් වික්‍රමසිංහ පිළිතුරු ලබා දී ඇත.
ආණ්ඩුවේ මැති ඇමතිවරු මෙන්ම විපක්ෂයේ මන්ත්‍රිවරු රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලා ඇත්තේ කඩා වැටෙන රට ගොඩනැගීම සඳහා ඉදිරිපත් වන ලෙසය. එවිට හිටපු අගමැතිවරයා රට ගොඩනැගීමට නම් පාර්ලිමේන්තුව නියෝජනය කරන හැමෝම එක්ව වසර විස්සක් විසිපහක් අනාගතය වෙනුවෙන් අඛණ්ඩව ක්‍රියාත්මක කළ හැකි ජාතික ප්‍රතිපත්තියක් සැකසීමට එක් වීම ඉතාම වැදගත් වනු ඇති බව කියා ඇත.