සෞදි අරාබිය තුළ යෝග ව්‍යායාම ප්‍රචලිත කිරීමට උදෙසා ඉන්දියාව විසින් විශේෂ වැඩසටහනක් පසුගියදා ක්‍රියාත්මක කර තිබිණි.
ඒ අනුව එරට සියලුම විශ්ව විද්‍යාල නියෝජතයින්ගේ සහභාගීත්වයෙන් මෙම යෝග ව්‍යායාම ප්‍රචලිත කිරීම වැඩසටහනට සංවිධානය කර තිබිණි.
මෙහිදී සාම්ප්‍රදායික යෝග ව්‍යායාම සහ යෝගා ක්‍රීඩාවන් සෞදි විශ්ව විද්‍යාල තුල ප්‍රචලිත කිරීම මෙහි ප්‍රධා අරමුණ වි ඇති අතර එමගින් සිසුන්ට යෝග ව්‍යායාම පුහුණ වීම මගින් සිය අධ්‍යාපනය කටයුතු වඩා යහපත්ව සිදුකිරීමට අවස්ථාව ලබා දීමට බලාපොරොත්තු වී තිබේ.
මෙම වැඩසටහන යටතේ දී යෝග ව්‍යායාම මගින් අත්කර ගැනීමට හැකියාව පවතින වාසි සම්බන්ධයෙන් ඉතා විදිමත් පැහැදිලි කිරීමක්ද සිදුකර තිබිණි. එමගින් මෙම වාසි විශ්ව විද්‍යාල සිසුන්ට ලබා දීමට අපෙක්ෂිතය.
මෙහිදී සෞදි යෝග ව්‍යායාම කමිටුවේ සභාපති නවුෆ් අල්මාර්වී පවසා ඇත්තේ ‟අපි සෞදි විශ්වා විද්‍යාල ක්‍රීඩා ෆෙඩරේෂනය සමඟ එක්ව යෝග ව්‍යායාම ප්‍රචලිත කිරීමට පියවර ගන්නවා” යනුවෙනි.







