කීර්ති ප්‍රනාන්දු –
පාසලෙන් ලබා දෙන උදෑසන පෝෂණ ආහාරවේල ලෙස බත් සමග සැමන් ආහාරයට ගත් බුත්තල පැලවත්ත ප්‍රදේශයේ ප්‍රාථමික පාසලක සිසු සිසුවියන් 18 දෙනකු ආහාර විස වීමෙන් වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කළ බව වෛද්‍ය අධිකාරි අනුරාධ රණදේව
පවසයි .
සිසුන්ගේ උදෑසන ආහාරය සඳහා බත් සමඟ සැමන් තිබී ඇති බවත් ආහාර ලබා ගැනීමෙන් පසු සිසුන්හට වමනය, බඩේ කැක්කුම ,බඩඑළිය යාම, සහ ඇඟ කැසීම, යන රෝග ලක්ෂණ සහිතව සිටි බවද රෝහල් අධිකාරිවරයා කියා සිටී .
දරුවන්ගේ මද අසාත්මිකතාවයන් මිස දරුවන්ගේ තත්ත්වය අසාධ්‍ය නොවන බවත් එම රෝගී දරුවන් සියලු දෙනා වෛද්‍ය අධීක්ෂණය යටතේ තවමත් නේවාසිකව ප්‍රතිකාර ලබන බව ද වෛද්‍ය අධිකාරිවරයා වැඩිදුරටත් පැවසීය .







