ශ්‍රියානි විජේසිංහ
අනුරාධපුර ආලංකුලම ප්‍රදේශයේ අක්කර ගණනාවක වගුරු බිම් සහිත කුඹුරු සහ හග්ගමුව කැළේ යට කරමින් ඉදිකෙරෙන මහල් ගොඩනැගිල්ලේ ඉදිකිරිම් වහාම නතර කර පරික්ෂණ පවත්වන ලෙස අනුරාධපුර දිස්ත්‍රික් කමිටුවේදී එහි සභාපති වසන්ත සමරසිංහ මහතා සඳහන් කර තිබියදී ඊට පසු දින සිටම එම ගොඩනැගිල්ලේ හිමිකරු සේවකයින් සියගණනක් යොදවා ඉදිකිරිම් දිගටම කරගෙන යන බව වාර්ථාවේ.
පසුගිය ආණ්ඩු සමයේදී මෙම ගොඩනැගිල්ල තහනමට ලක් කර තිබුණද පසුගිය ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා කැඳවා අවසන් කළ තිබෙන කාලයේදී එවකට ගොවිජන සේවා අධ්යක්ෂ ජනරාල්වරයා හොර රහසේ එම තහනම ඉවත් කර ඇත.
ඉකුත් දෙසැම්බර් 12 වෙනි දා පැවති දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු රැස්වීමේදී එහි සභාපති වසන්ත සමරසිංහ මහතා මේ පිලිබඳව කරුණු විමසීමේදී අනාවරණය වී ඇත්තේ පසුගිය ආණ්ඩු සමයේ එක්තරා නිලධාරීන් පිරිසක් කිසිදු ක්ෂේත්‍ර චාරිකාවක් හෝ නොකර ලිපිලේඛණ මගින් පමණක් මේ සඳහා අවසර ලබා දී ඇති බවයි.
එමෙන්ම මෙම ගොඩනැගිල්ලේ හිමිකරු ප්‍රාදේශීය ලේකම්වරයාගේ අවසර ලැබූ බවට විශාල දැන්වීමක් පල කරමින් ඉදිකිරිම් කරගෙන ගිය බවත් ප්‍රාදේශීය ලේකම්වරයා මෙයට විරෝධය පළකර බැවින් එම දැන්වීම් ඉවත් කර ගෙන තිබු බවත් කමිටු රැස්වීමේදී හෙලිවිය.
මහාදිසාපතිගේ ද විරෝධය නොතකා නිලධාරින් පිරිසක් මෙය ඉදිකිරීමට අවසර දීමෙන් පැහැදිලි වන්නේ මේතුල කප්පම් ගැනීමක්, පගාව ගැනීමත් සිදුවී ඇති බව පැහැදිලි යැයි වසන්ත සමරසිංහ මහතා පවසැ ඇත.
මෙහිදී සභාපතිවරයා පවසා සිටියේ මේ ගොඩනැගිල්ලේ ඉදිකිරීම් නවතා මෙහි මුල සිට කරුණු අධ්‍යනය කර වාර්තාවක් ඉදිරිපත් කරන මෙන් නිලධාරීන්ට දැනුම් දුන්නද සිදු වුයේ එම නියෝගය කල පසු දින සිටම එහි හිමිකරු මහල් ගොඩනැගිල්ල ඉදිකිරිමෙ කටයුතු නැවත ආරම්බ කිරිම බවද වාර්තාවේ.
මේ වන විට දිවා රාත්‍රී නොතකා සේවකයින් සිය දහස් ගණනක් සහ යන්ත්‍රෝපකරණ විශාල ප්‍රමාණයක් යොදවා ඉදිකිරිම් කරගෙන යන බවත් මෙම ගොඩනැගිල්ලේ තුන්වන මහලත් ඉදිකරමින් සිටින බවත් වාර්තාවේ.







