ජාතික ජන බලවේගයේ අද(30) දින පැවැත්වුණු දිස්ත්‍රික් සමුළුවට බිත්තර ප්‍රහාරයක් එල්ල කිරීමට සංචාරක ඇමති ප්‍රසන්න රණතුංගගේ මෙහෙයවීමෙන් පැමිණි බව කියන මැරයින් පිරිසකගෙන් ඇවන්ගාර්ඩ් ආයතනයේ සේවය හිටපු හමුදා සෙබලුන් දෙදෙනෙක් අල්ලා ගැනීමට එම සමුලුවට සහභාගී වීමට පැමිණි පිරිසක් සමත් වී ඇතැයි වාර්තා වේ.
මේ පිළිබඳව ලංකාසර කළ විමසීමක දී ජාතික ජනබලවේගයේ ගම්පහ සමුළුවේ ප්‍රධාන සංවිධාකයෙක්වන ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික මහින්ද ජයසිංහ ලංකාසරට ප්‍රකාශ කළේ සමුළුව ආරම්භ වී සුළු වෙලාවක් ගතවන විට මෙම මැරයින් සමුළු භූමියේ ගේට්ටුව අසල සිට කුණු බිත්තර ප්‍රහාරයක් එල්ල කර පලා යද්දී ඉන් පුද්ගලයින් දෙදෙනෙක් ජනතාව විසින් අල්ලාගෙන සංවිධායකයන්ට භාර කළ බවය.
මේ සම්බන්ධව කළ විමසීමේ දී තමන්ව මෙහෙයවනු ලැබුවේ සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග බවත් තමන් ඇවන්ගාර්ඩ් ආයතනයේ සේවය කරන විශ්‍රාමික හමුදා සෙබලුන් බවත් ඔවුන් ප්‍රකාශ කර තබේ.
අල්ලා ගත් පුද්ගලයින් මේ වනවිට පොලිසියට භාර දී තිබේ.







