ලොව පුරා ක්‍රියාත්මක රාජ්‍ය නොවන සංවිධාන 243ක් මෙවර චීනයේ පැවැත්වෙන ශීත ඔලිම්පික් උළෙලට සහභාගී වීමෙන් වැලකෙන ලෙසට සෙසු රටවලින් ඉල්ලීමක් කර තිබේ.
මෙම සංවිධාන අදාල ඉල්ලීම කර ඇත්තේ චීනයේ ශීන්ජැන්ග් ප්‍රදේශයේ උයිගර් මුස්ලිම් ජාතිකයින් මුහුණදිමට සිදුව තිබෙන දරුණු මානව හිම්කම් කඩවීම් වලට විරෝධය පළකිරීමක් වශයෙනි.
ඒ අනුව හියුමන් රයිට්ස් වොච් සංවිධානය විසින් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ එළැඹෙන පෙබරවාරි මාසය මුලදී ආරම්භ වීමට නියමිත ශීත ඔලිම්පික් උළෙලට සහභාගීවිම චීනය සිදුකරනු ලබන දරුණු මානව හිමකම් උල්ලංඝණ කිරීම් අනුමත කිරීමකට සමාන බවයි.
එම සංවිධානය පෙන්වා දෙන ආකාරයට ඔලිම්පික් උළෙලකින් සාමය සමානාත්මතාව පෙන්නුම් කරන බැවින් චීනයේ ඔලිම්පික් උළෙලක් පැවැත්වීමෙන් චීනය ව්‍යංගයෙන් මානව හිමිකම් ආරක්ෂා කරනු ලබන රටක් ලෙසට අනුමත කිරීමක් වනු ඇති බවයි.
චීන ජනාධිපති ෂී ජිංපින් විසින් දැඩි මර්ධනකාරී පාලනය ක්‍රමයක් ගෙනයනු ලබන බවත් එමගින් උයිගර් මුස්ලමි වැසියන්, ටිබෙට් වැසියන්, වෙනත් ආගමි භක්තිකයින්, නිදහස් මතධාරීන්, මානව හිමිකම් ක්‍රියාකරින්, නීතිඥයින් දැඩි මර්ධනයකට මුහුණ දී සිටින බවද හියුමන් රයිට්ස් වොච් සංවිධාන ප්‍රකාශ කරයි.
මෑත කාලයේදී හොංකොන් හී චීන බලධාරීන් ගෙන යන දැඩි මර්ධනකාරී ක්‍රියා පිළිවෙතත් නූතන තාක්ෂණය යොදාගනිමින් ජනතාවගේ පුද්ගලිකත්වයට හානි කරමින් ඔවුන්ගේ ක්‍රියාකරම් නිරීක්ෂණය කිරීමත් අදාල සංවිධානය විසින් දැඩි ලෙස විවේචනය කර ඇත.
මේ අතර ඇමරිකාව ප්‍රමුඛ රටවල් කිහිපයක් සිය රාජ්‍යතාන්ත්‍රීක නියෝජිතයින් මෙවර ශීත ඔලිම්පික් උළෙලට සහභාගිකරවීමෙන් වැලකී සිටීමට තීරණය කර ඇති අතර පසුගිය කාලය පුරාම ඇමරිකා එක්සත් ජනපදය විසින් චීනයේ ගෙන යන දැඩි මර්ධනකාරී ක්‍රියා පිළිවෙතට විරෝධය පළකරනු ලැබීය.









