ඛනිජ තෙල් සංස්ථාවේ වෘත්තිය සමිති නායකයන් සහ සේවකයන්ට බාධා කළ පුද්ගලයන් 20 කට අධික සංඛ්‍යාවක් අනිවාර්ය නිවාඩු යැවීමට කටයුතු කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අද (29) පෙරවරුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවක් අමතමින් පැවසුවේය.
අනිවාර්ය නිවාඩු යැවූ වෘත්තිය සමිති නායකයන් අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වෘත්තිය සමිති නායකයෙක් ද සිටින බව අමාත්‍යවරයා කීවේය.
එම පුද්ගලයන්ට එරෙහිව තනි තනිව චෝදනා පත්‍ර දීමට නියමිත බව ද ඔහු සඳහන් කළේය.
මේ කිසිම පුද්ගලයෙකුට ඛනිජ තෙල් සංස්ථාවේ කිසිඳු පරිශ්‍රයකට ඇතුල්විය නොහැකි තහනමක් ද නිකුත් කර තිබේ.







