කීර්ති ප්‍රනාන්දු –
31 වැනිදා සිට අවම බස් ගාස්තුව රුපියල් 30ක් වනු ඇතැයි ජාතික ගමනා ගමන කොමිසමේ අධ්යක්ෂ ජනරාල් තිලාන් මිරැන්ඩා පවසයි.
මේ බස්ගාස්තු අඩුවීම අද සවස නිල වශයෙන් නිවේදනය කරන බව ද ඔහු පෙන්වා දෙයි. මේ වනවිට අවම බස් ගාස්තුව ඇත්තේ රුපියල් 34ක මිලකටය.
මෙම බස් ගාස්තු අඩුවීම සම්බන්ධව ලංකාසරට අදහස් දක්වමින් ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසන්නේ මිල සූත්‍රයකට අනුව ක්‍රියාත්මකවන බස් ගාස්තු සංශෝධනයේ දී ඉන්ධන මිල අඩු වන්නේනම් එසේ අඩුවන මිලෙහි ප්‍රතිලාභය ජනතාවට වහාම ලැබීම සිදුවන බවය.
මේ අනුව සාමාන්‍ය බස්ගාස්තු මිල අඩුවීම මෙන් දෙගුණයක් සුඛෝපභෝගී බස් ගාස්තුව අඩු වනු ඇතැයි ද ඔහු කීවේය.
“මෙම මිල අඩුවීමේ සහනය ජනතාවට ලැබෙන්නෙ බස් කර්මාන්තයෙන් පමණයි. ප්‍රවාහන වියදම අඩුවන විට අල ලූනු ගෙඩියේ සිට සියලුම භාණ්ඩවල මිල අඩුවිය යුතුයි… ඒ සහනය ජනතාවට ලබා දෙන්නත් රජය කටයුතු කිරීම වගකීමක්…” ගැමුණු විජේරත්න කීවේය.







