පශ්චාත් උපාධි ධාරී තරුණ නීතිඥවයෙක්, පුරාවිද්‍යාඥයෙක් මෙන්ම පරිසරවිද්‍යාඥයෙක් වූ සුපුන් සංඛ ජයවීර වඳුරන් චීනයට පැටවීම සම්බන්ධව හටගෙන ඇති ආන්දෝලනාත්මක සාකච්ඡාව විෂයෙහි ඉතා සාධනීය විග්‍රහයක් ඉදිරිපත් කරයි. Don Supz ලෙස පවත්වාගෙන යන ඔහුගේ ෆේස් බුක් පිටුවේ පළවී ඇති ඒ විග්‍රහය ලංකාසර පාඨකයින් වෙනුවෙන් ඔහුගේ අවසරය මත උපුටා ගනිමු.

ඊයේ පෙරේදා ආපු රිලව් සම්බන්ධ ප්‍රවෘත්තියත් එක්ක මේ ප්‍රශ්නයට විවිධ පිළිතුරු විවිධ පාර්ශව වලින් දීලා තිබුනා. රිලව් කතාව කියලා තියෙන බළධාරීන් පුවත්පත් වලට සපයා තිබු කාරණා අනුව සඳහන් වෙලා තිබුනේ සත්වෝද්‍යාන සඳහා කියලා. තවත් පාර්ශව අදහස් දක්වලා තිබුනා මාංශ සහ වාජිකරණ ඖෂධ විදිහට චීනය මේ රිලව් භාවිතා කරනවා කියලා. තවත් අය කියලා තිබුනා ජාන මංකොල්ලයක් කියලා.
ඔය ඉහත ඉදිරිපත්වෙලා තියෙන කාරණා අතරේ ගැටලුව පිළිබඳව මගේ මතය තමයි මේක.
සත්වෝද්‍යාන කතාව ගත්තොත් ඒක වෙන්න තියෙන ඉඩකඩ හරි අඩුයි. ඒකට හේතුව තමයි සත්වෝද්‍යානකට එපමණ සතුන් ප්‍රමාණයක් අවශ්‍ය වෙන්නෙ නෑ. සාමාන්‍යයෙන් ජෝඩු හතරත් පහක් ගත්තත් දහස් ගනනින් ආනයනය කරලා සත්වෝද්‍යානවලට ගන්න තරන් ආකර්ෂණීය සත්වයෙක් නෙවෙයි රිලවා.
රිලවු විශේෂ වෙන වෙනම ගත්තත් ලංකාවේ ජීවත්වෙන විශේෂවලට වඩා සාපේක්ෂව ආකර්ෂණිය බව වැඩි රිලව් විශේෂ ලෝකයේ ඉන්නවා. දැන් මෙතන ආකර්ෂණීය බව කිව්වෙ පාරිසරික විද්‍යාත්මක පැත්තෙන් නෙවෙයි සාමාන්‍ය ජනතාව ආකර්ෂණීය ලෙස දකින කියන අර්ථයෙන්. ඉතින් එහෙම අඩු ආකර්ෂණීය බවක්, සුලබත්වයක් පවතින සත්ව විශේෂයක් ලක්ෂ ගනනින් ආනයනය කිරීමට ඇත්තටම හේතුවක් නෑ.
දෙවනියට මස් සඳහා, වාජීකරණ ඖෂධ සඳහාය කියන කතාව. ඇත්තටම චීන්නු වාජීකරණ ගුණයක් තියෙනවා කිව්වොත් ඕනම ජරාවක් කනවා. ඒ නිසාම තමයි ලෝකයේ සත්ව විශේෂ ගනනාවක් නශ්ඨකරණයට ලක්ව තිබෙන්නෙ. ටොටෝබා මත්ස්‍යන්ගෙ වාතාශ, රයිනෝ අඟ, කබල්ලෑවන්, මුහුදු අශ්වයන්, ව්‍යාඝ්‍ර මාංශ, සර්පයන්ගෙ ඉඳන් දහස් ගානක් සත්ව විශේෂවල විවිධ කොටස්වල වාජිකරණ ගුණය පවතිනවා කියලා චීන්නු හිතනවා. හැබැයි වඳුරු මාංශ/හදවත වගේ දේවල් ඔය වාජිකරණ ඖෂධවල වටිනාකමේ ධුරාවලියක් හැදුවොත් තියෙන්නෙ යටම මට්ටමක.
තවත් විදිහකින් කිව්වොත් වෙනත් රටක් එක්ක සාකඡ්ඡා කරලා මාංශ හෝ වාජීකරණ ඖෂධ සඳහා රිලව් ගෙනියන්න තරන් අමාරුවක් චීන්නුන්ට එන්න විදිහක් නෑ. ඒ සල්ලිවලින් කරන්න පුළුවන් ඊට වඩා හොඳ විකල්ප භාවිතාවන් තියෙනවා.
තුන්වෙනියට ජාන මංකොල්ලය. ජාන කියන දේවල් ලබා ගන්න රිලව් ලක්ෂයක් උස්සන් යන්න උවමනාවක් නෑ. ලංකාවේ ඇවිත් රිලා බෙටි ඇහින්දත් ජාන කියන දේවල් ගන්න පුළුවන්. ඛේටය, මලද්‍රව්‍ය, ලොම් ඔය ඕනම දෙයක ජානමය ද්‍රව්‍ය පවතිනවා. ඔය එක සාම්පලයකින් පුළුවන් වර්තමාන විද්‍යාවට අනුව සම්පූර්ණ රිලා ජීනෝමයම නැවත නිර්මාණය කරන්න. ඒකට රිලව් ලක්ෂයක් අවශ්‍ය නෑ. එකෙකුත් වැඩී ඇත්තටම.
එහෙනම් මොකටද රිලව් ?
ලෝකයේ ඖෂධ නිශ්පාදන ක්‍රියාවලි සහ ඒවායේ සායනික පර්යේෂණ පිළිවෙත්වල වැදගත්ම පියවරක් තමයි මනුෂ්‍ය නොවන ප්‍රිමාටා පර්යේෂණ පියවර (Non human primate research). කෙටියෙන් NHPs. NHPs වල ඉතිහාසය දිවෙනවා. ක්‍රි.පු තුන සහ හතර සියවස්වලට. ගේලන් සහ හපොක්‍රටීස් සඳහන් කරනවා මිනිසාගෙ සහ වානරයන්ගෙ ව්‍යුහයේ පවතින සමානකම් ගැන. ව්‍යුහ විද්‍යාත්මකව පවතින මේ සමානකම් පසුකාලීනව පර්යේෂණ සඳහා වැඩි වැඩියෙන් යොදා ගැනීමට බලපානවා.
වර්තමානය වෙද්දි ඒඩ්ස්, පිළිකා, ස්නායු රෝග, මොළය සම්බන්ධ පර්යේෂණ, සෛල, අවයව බද්ධය ආදී නානාප්‍රකාර කටයුතුවල NHP පියවර අතිශයින්ම වැදගත් පියවරක්. රුධිර පාරවිලයනයේ Rh සලකුණේ නිරුක්තිය තියෙන්නෙත් රීසස් ‘වඳුරා’ සම්බන්ධයෙන් 1930 දශකයේ පමණ සිදුකරපු පර්යේෂණ හේතුවෙන්.
වර්තමානයේදි ඖෂධ නිශ්පාදන ක්‍රියාවලියත්, පර්යේෂණ හා බැඳී තියෙන ඉල්ලුමට වඳුරන් සැපයීම කියන්නෙ විශාල ආර්ථික වටිනාකමක් පවතින ව්‍යාපාරයක්. මේ ඉල්ලුමේ ඉහලින්ම සිටින ප්‍රිමාටා විශේෂ දෙකක් තමයි රීසස් වඳුරා ( Macaca mulatta) සහ කකුලුවන් කන වඳුරා (Macaca fascicularis). දැන් මේ විශේෂ දෙකටම වඳුරා කිව්වට හරියටම ගත්තොත් මේ ඉන්නෙ රිලව් විශේෂ. සර්කොපිතසිඩේ කුලයේ මැකෑකා ගනය. මැකෑකා ගනය ව්‍යුහීයව සහ වෙනත් හේතු ගනනාවක් නිසා ඔය පර්යේෂණ කටයුතුවලට ඉතාමත් ඔබින මොඩලයක් විදිහට තමයි සලකන්නෙ. විශේෂයෙන්ම ප්‍රතිශක්තිකරණ පද්ධතිය සහ ස්නායු පද්ධති ගත්තම අපිට සෑහෙන සමානකමක් දක්වනවා.
මේ ඖෂධ/පර්යේෂණ ඉන්ඩස්ට්‍රි එකට වඳුරන් සප්ලයි කරන මාර්කට් එකේ ඉහලින්ම ඉන්න විශාලතම සැපයුම්කරුවා තමයි චීනය. චීනයේ වඳුරු ෆාම් වල ලක්ෂ 3 -4 අතර වඳුරන් සංඛ්‍යාවක් ඉන්නවා (දැන් මේ ගාන බැලුවම තේරෙනවනෙ බිස්නස් එකට උන්ට ඉන්නෙත් ලක්ෂ 3 -4 යි, ඒ වුනාට සත්වෝද්‍යාන වලට ලක්ෂයක් ගන්නවා කියන්නෙ මොන විහිළුවක්ද කියලා) . මේ ප්‍රමාණයෙන් 70% විතර ඉන්නේ ඔය උඩ කිව්ව මැකැකා විශේෂ ද්විත්වය.
වාර්ෂිකව එක්සත් ජනපදයේ විද්‍යාගාර අවශ්‍යතා සඳහා පවතින ඉල්ලුමෙන් 80% පමණ සංතෘප්ත කරන්නෙ චීනය. 2019 කෝවිඩ් වසංගතයත් එක්ක චීනය කියන වඳුරු සැපයුම්කරුවා විශාල උභතෝකෝටිකයකට මුහුණ දෙනවා. ඒ තමයි 2019 වසංගතයේ සුලමුල වන සත්ව විශේෂයක් (Zoonotic disease) කියන සැකය නිසා සියළු ආකාරයේ වන සත්ව ආනයනයන් චීනය විසින් නවතා දමනවා. චීන වඳුරු ෆාම්වලට අග්නිදිග ආසියාතික රටවලින් එන සැපයුම් මේ නිසා අඩාල වෙනවා.
චීනයට ලැබෙන සැපයුම අඩාල වීමත් එක්කම වසංගතයේ Ground zero චීනය වීම නිසා බෙහෙතක් හොයාගන්න වැඩේටත් චීනයට ලොකු පීඩනයක් එල්ලවෙනවා. අනෙක් අතට චීනය විසින් සැපයුම් කරන ඖෂධ පර්යේෂණාගාරත් කෝවිඩ් වලට බෙහෙත් හොයන නිසා ඉල්ලුමත් තවත් වැඩි වෙනවා.
මුල් අවස්ථාවේ කෝවිඩ් එන්නත්, ඖෂධ නිපදවීමේ තරඟකරුවන් 200 විතර හිටියා. ඔය හැම ඖෂධයක්ම අවසාන පියවර තෙක් පැමිණියානන් NHP පියවර අනිවාර්යයෙන්ම පසුකර යායුතුයි. එහෙමනම් හිතාගන්න පුළුවන් නේ ඒ අවස්ථාවේ තිබුනු ඉල්ලුම. කෝවිඩ් ඒ අවස්ථාවේ ප්‍රමුඛත්වය අරන් තිබුනාට වඳුරන්ව පර්යේෂණාගාර මට්ටමින් යොදාගන්න තවත් එකී මෙකී නොකී වැඩ දාහක් තියෙනවා.
උදාහරණයකට චීනය කියන විදිහට ඔවුන් නුදුරේදිම වඳුරන් අභ්‍යවකාශගත කිරීමටත් ලෑස්ති වෙනවා. මාස කිහිපෙකට කලින් චීනෙන්ම ප්‍රවෘත්තියක් ආවා මිනිස් සෛල වඳුරෙකුට ලබාදුන් අවස්ථාවක්. ඔය හිම කන්දෙ අපිට පේන කොටස පමණයි. නොපෙනන ස්ථරය සෑහෙන ගැඹුරට යනවා. හේතුව තමයි සාමාන්‍යයෙන් ඔය පියවී සෛල සම්බන්ධ පර්යේෂණ (stem cell research) වලදි තියෙනවා ලෝකට පිළිගත් යම් සදාචාරාත්මක රාමුවක්. ඒ රාමුවට පිටින් කටයුතු කිරීමේදි අදාල විද්‍යා සංදර්භවලින් පිටුවහල් වීම තමයි සාමාන්‍යයෙන් වෙන්නෙ. චීනය කියන්නෙ ඉතින් එහෙම සදාචාරා විරෝධි පර්යේෂණ සිදුවෙන තැනක් (චීනය විතරක් නෙමෙයි තවත් ඕන තරම් රටවල මේක වෙනවා හැබැයි චීනයේ වෙන ප්‍රමාණය ගැන පිටට අදහසක් නෑ) ඒ වගේ දේවල්වලට යන වෙනම වඳුරු කෝටා එකක් තියෙනවා. මේ හැම දේකදිම ඉල්ලුම තියෙන්නෙ අපේ මිත්‍ර මැකැකා ගනයේ අර මුලින්ම කිව්ව විශේෂ දෙකට.
කෝවිඩ් වලින් පාඩම් ඉගෙන ගත්ත චීනය මන් හිතන්නෙ ඊලඟ පියවරට සූදානම් වීමක් වෙනවා. චීනය කියන්නෙ වසංගතවල තෝතැන්නක්. ඉන්න ජන සන්නිපාතයයි, කන බොන දේවලුයි එක්ක ඊලඟ වසංගතය පහර දෙනවා ඉතාමත් නුදුරේදීම. කෝවිඩ් එක්ක ආපු ආර්ථික පසුබෑම ආදී කාරණා නිසා එවැනි අවස්ථාවක් ආවොත් කඩිනමින් ක්ලිනිකල් රීසර්ච් ෆේසස් ඉවර කරගන්න අවශ්‍ය පහසුකම් සපයා ගැනීමක් චීනය සිදුකරනවා කියලා හිතන්න පුළුවන්. ඒ සුදානම් වීමේ එක් පියවරක් තමයි ටෙස්ට් සබ්ජෙක්ට්ස් වලට ගන්න වඳුරු සැපයුම තමන් සතු කරගෙන තිබීම.
ලංකාවේ ඉන්න රිලවාත් මැකැකා ගනයේ Macaca sinica. වැඩේට මෙච්චරකල් ගත්ත විශේෂයක් නොවුනත් චීනෙක් විදිහට හිතුවොත් හොඳම අන්ටැප්ඩ් රීසෝර්සස් තියෙන්නෙ ලංකාවේ. ඩොලර් 7000 වගේ මාර්කට් ප්‍රයිස් එකට යන රිලවු අපි වගේ හිඟන රටකින් ගන්න එක ජීනියස් වැඩක්. කරදරයක් කියලා දඟලන අපිට උදව්වක් කරන න්‍යායෙන් සත්වෝද්‍යානවලට අපි ගන්නන් කියන එක ඊටත් වඩා ජීනියස් වැඩක්.
ඇත්තටම ඔය ලක්ෂෙ යවන්න වෙනවානන් මම අල්ලන්නෙ චීනෙ නෙමේ ග්ලෝබල් මාර්කට් එක.
අහවල් එකටද අතරමැදියෙක්ට රිලවු දෙන්නෙ. ඕන්නන් වැලිව් ඇඩඩ් ප්‍රොඩක්ට් එකක් විදිහට උන්ගෙ කොණ්ඩ එහෙම පීරලා, පෝනී ටේල් දාලා විකුණනවා.









යකෝ ලංකාවෙ රිලව් ගහනය වැඩියි. උන්ගෙ ජාන අරන් මොන ලබ්බ කරන්නද? ගොවිතැන් වගා කටයුතු වලට ගොඩක් හානි කරන සතෙක්. ගහනය ඉතා.අධිකයි. විලෝපිකයෝ අවම නිසා. හොද දෙයක් කරනකොටත් කකුලෙන් අදින්නැතුයව හිටියොත් හොදයි නේද?