පවතින ආර්ථික තත්ත්වය ස්ථාවර කිරීමේ අරමුණින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම ට අදාල උපදෙස් ලබා දීම සඳහා හිටපු මුදල් අමාත්‍යංශ ලේකම් ආචාර්ය ආර් සමරතුංගගේ ප්‍රදානත්වයෙන යුතු ඉහළ පෙළේ ආර්ථික ස්ථාවර කිරීමේ කමුටිවක් පත් කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ තීරණය කර ඇති බව සන්ඩේ ටයිම්ස් වාර්තා කරයි.
මෙම කමිටුවට මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හිටපු ධාරිතා සංවර්ධන අධ්‍යක්ෂ ආචාර්ය ශාමිණි කුරේ, හිටපු මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි සහ ශාන්ත ඩැනියෙල් ඇතුළත් වේ.
ඊට අමතරව 2017-2019 කාලසීමාව තුළ මුදල් අමාත්‍යාංශයේ උපදේශකයෙකු ලෙස ද සේවය කළ ආචාර්ය දේශාල් ද මෙල්, ලෝක බැංකුවේ හිටපු උපදේශකයකු වන ආචාර්ය සරත් රාජපතිරණ, බැංකු සභාපතකිවරයකු වන දිනේෂ් වීරක්කොඩි, ශ්‍රි ලංකා වානිජ මණ්ඩලයේ හිටපු ප්‍රධාන ආර්ථික විද්‍යාඥ අනුෂ්ක විජේසිංහ, ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය (IPS) ආර්ථික විද්‍යාඥ ආචාර්ය දුෂ්නි වීරකෝන් සහ හිටපු ආර්ථික උපදේශක ඩැනියෙල් අල්ෆොන්සෝ ද ඇතුළත් වන බව එම පුවත් පත සඳහන් කරයි.
එමෙන්ම කමිටුවට තවත් පෞද්ගලික අංශයේ සාමාජිකයින් තිදෙනෙකු සම්බන්ධ කර ගැනීමට නියමිත බව සන්ඩේ ටයිම්ස් වාර්තා කරයි.