යෝජිත 21 වැනි ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය පාවිච්චි කිරීමට තීරණය කර ඇති පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමග පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මේ වනවිට සාකච්ඡා ආරම්භ කර ඇත.
දුරකථන මාර්ගයෙන් සහ මුණගැසී කරන මෙම සාකච්ඡාවල අරමුණ වී ඇත්තේ 21 වැනි සංශෝධනය කෙසේ හෝ පරාජය කිරීම බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
21 වැනි සංශෝධනයට සහයෝගය දිය යුතු බවට හා නොදිය යුතු බවට පොහොට්ටුව තුළ ඇති වී තිබෙන බෙදීම වළක්වා ඊලඟ මැතිවරණයට සියලු දෙනා එකමුතුව මුහුණ දීම සඳහා වැඩපිළිවෙළක් සකසා ගැනීම බැසිල් රාජපක්ෂගේ මෙම සාකච්ඡාවල තවත් අරමුණක් වී ඇතැයි ඉහත ආරංචි මාර්ග සදහන් කරයි.
කෙසේ හෝ බැසිල් රාජපක්ෂ ගෙනයන මෙම වැඩපිළිවෙලට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු අගමැති මහින්ද රාජපක්ෂගේ පූර්ණ ආශීර්වාදය ඇති බවත් එම වැඩපිළිවෙළ සාර්ථක කරගැනීමට මෙරට ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයින් දෙදෙනෙකුගේ සහයෝගය ලැබී ඇති බවත් එම ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කළේය.